2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ලෝකය මොඩ් - අපි එක තැන

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇති තරම් තිබෙන, ලෝකය අල්ලක් තරම්වත් විශාල නොවන කාලයක විටෙක අප කොතරම් දුරස්ව හිඳින්නේද යන්න සිතෙන්නේ ඈත පිටිසර ගමක හිතවතෙකුගේ මළගෙදරක් සිදුවූ විට ය. ඊට යෑම කොතරම් අසීරුතා, බාධා, කම්කටොළු මතුකරන්නක් දැයි සිතෙන විට ය. 

එවැනි ගමනකට මූලිකම බාධකය වන්නේ මුදල් ඇතිතරම් නොමැති වීමය. එමෙන්ම නූතන සේරිවාණිජ ලෝකයේ විවේකීව ගමනක් යාමට ඉඩහසර හදාගන්නේ කෙසේද? ඒ ලැබෙන පඩිපත සොච්චම් නිසාවෙන් ද, වියදම් අධික නිසාවෙන් ද, ජීවන වියදම අහස උසටත් වඩා ඉහළ ගොස් ඇති නිසා ද යන්න සෙවීම ඔබටම භාරය. 

ඊළඟ කාරණය වන්නේ අමතර ආදායම් මාර්ග එන ක්‍රම සොයායෑමට සිදුවීම නිසා නිදහස් කාලය ඉතා සීමිත වීම ය. හුස්ම ගැනීමට හෝ කාලය මිඩංගු කිරීමත් ලෝබ හිතෙන දෙයකි. මළ ගෙදරට නොගිහින් සිටීම බොහෝවිට සිදුවන දෙයයි. 
එමනිසා ඩේටා කාඩ්වලින් බොරුවට හෝ මිනිසුන් එකිනෙකා ළං වුවද කාය සාක්ෂි වශයෙන්මවත් හදිසි ආපදාවකදී සහභාගී විය නොහැකි ජීවිතයක් කුමකටද? නමුත් අද කාලයේ මහත් අපහසුවෙන් හෝ සිදු කරන්නේ එයම නොවේද? අධිවේගී මාර්ග, නවීන යානවාහන, දුරකතන සන්නිවේදනය කෙතරම් දියුණුවට පත්වුවද මිනිසාගේ තත්ත්වය ගල් යුගයටත් අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටී ඇති බව මින් නොහැඟේද? යාළු මිත්‍රකම්, මිතුරු හවුල්, ප්‍රියසාද, වර්ෂ අවසාන සාදවලට පමණක් සීමා වූ බවක් නොවේද? 

නයන්ත ජගත් පුංචිහේවා
වාඩිගල
රන්න

 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00