2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

රට රටවල වයින් එක්ක ක්ලබ් සැන්ඩ්විච් - පැස්තා රස විඳින්න Park Street Mews

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

Park Street Mews කියන්නේ කොළඹ තියෙන අවන්හල් අතරින් ටිකක් වෙනස් විදිහේ අවන්හලක්. මෙතැන අවන්හලක් වගේම විවිධ උත්සව, ඉසව් තියන්නත් පුළුවන් විදිහෙ තැනක් නිසා ඒ වෙනස තවත් වැඩියි. 
කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටින් විහිදෙන පාර්ක් වීදියේ පිහිටලා තියෙන මේ අවන්හල බටහිර පන්නයේ ආහාරපාන රස බලන්න පුළුවන් තැනක්. ආහාර වර්ග ගැන කතා කරද්දි ක්ලබ් සැන්ඩ්විච්, පැස්තා වගේ සාමාන්‍ය බටහිර කෑමත්, ෆුල් කෝස් එකක් විදිහට ආහාර ගැනීමේ හැකියාවත් මෙතැන පවතිනවා.

මෙතැන තියෙන තවත් විශේෂම දෙයක් තමයි ඔවුන් සතුව තිබෙන විශාල පාන වර්ග එකතුව. ඉතාලි, ඔස්ට්‍රේලියානු, අමෙරිකානු, ස්පාඤ්ඤ, දකුණු අප්‍රිකානු, චිලී, නවසීලන්ත වයින් වර්ග මේ අතර ප්‍රධානයි. සුදු වයින් සහ රතු වයින්වලට අමතරව රෝස් වයින්, ස්වීට් වයින් සහ ස්පාක්ලින් වයින් ආදී වශයෙන් හොඳ තෝරාගැනීමකට ඉඩක් මෙතැන පවතිනවා. වයින්වලට අමතරව අනෙකුත් ඇල්කොහොල් වර්ගත්, මොහිටෝ, ෂැම්පේන්, ජූස් වර්ග, මිල්ක් ෂේක්, කෝපි වර්ග වගේ බොහෝමයක් දේ මෙහිදී රස බලන්න පුළුවන්. 

ඇත්තටම ගත්තොත් මෙතැන ආහාරපාන වගේම විශේෂත්වය තමයි අවට පරිසරය. අවන්හල වුණත් වෙනස්ම තාලයකට ඉදිකරපු, අලංකාර කරපු තැනක්. වර්ණ භාවිතය පවා හරිම සූක්ෂම විදිහට යොදාගෙන තියෙනවා. මෑතකදී අවන්හලේ බිත්තිවලට පිටතින් එකතු කරලා තියෙන බිත්ති පින්තාරු නිසාත් මේ බිමට ලොකු අලංකාරයක් ලැබිලා තියෙනවා. ඒ වගේම පරිසරයට අලංකාර කරන්න යොදලා තියෙන කහ පැහැ විදුලි බුබුලු ආදිය නිසාත් සෑම වෙලාවකම මෙතැන තිබෙන්නේ උත්සව සිරියක්. 

මෙතැන ආහාරපාන මිල ගණන් ටිකක් වැඩිවුණත් ගෙවන මුදලට උපරිම රසයකුත් හොඳ සේවාවකුත් ලැබෙන නිසා බොහෝදෙනෙක්ට මිල ගණන් ඒ හැටි ප්‍රශ්නයක් නැති ගාණයි! 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00