2017 ජනවාරි 07 වන සෙනසුරාදා

The Thinnai

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

 

දකුණේ ගතියට යාපනේ ඉන්න පුළුවන්

යාපනය කියන්නේ දකුණේ පිරිස් ලංකාවේ ඇවිදින්න කැමැතිම තැන් අතරින් එකක්. යාපනයේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණුවීමත් සමගම දැන් තරු පන්තියේ හෝටල් පවා යාපනයට පිවිසිලා. තරු තුනේ සහ තරු හතරේ හෝටල් කිහිපයක්ම තිබුණත් යාපනයේ පළමු තරු පහේ හෝටය තමයි ‘The Thinnai’ හෝටලය.

තින්නායි කියන්නේ යාපනයේ දෙමළ නිවාසවල ඉදිරිපස කොටසේ තියෙන සිමෙන්ති හෝ මැටි පවුලේ උදවිය විවේකයට හාන්සි වෙන රැඳී ඉන්න තැන. හරියට සිංහල ගෙවල්වල පිල වගේ. 

   

‘The Thinnai’ පිහිටලා තියෙන්නේ පලෙයි පාරේ, තිරුනෙල්වෙලි ප්‍රදේශයේයි. ඒ කියන්නේ නල්ලූර් කෝවිල පෙනෙන මානයේයි. මේ හෝටලයේ තවත් විශේෂත්වයක් තමයි කාමර සියල්ලම Suits ලෙස නිර්මාණය කර තිබීම. එවැනි Suits 39ක් හෝටලය සතුයි. තනි කාමරයේ හා කාමර දෙකේ Suits එක් කළ විට මුළු කාමර සංඛ්‍යාව 58ක්. 

“‘rest, relax, reunite’ යන තේමාව යටතේ සත්කාර සේවාවන් සපයන ‘The Thinnai’ පවුලේ හෝටලයක්. පවුලේ සැමට එකට නවාතැන් ගත හැකි ආකාරයටත්, පවුලේ අවශ්‍යතාවලට මුල්තැනක් ලබාදෙමිනුත් තමයි හෝටලය නිර්මාණය කරලා තියෙන්නේ” යනුවෙන් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයසීලම් ඥානම් මහතා පවසනවා. 

මේ සියලු Suits වල ටීවී, සෝෆා, විවිධ ප්‍රමාණයේ ඇඳන්, පෞද්ගලික බැල්කනි, ශීතකරණ, තේ කෝපි සෑදීමේ පහසුකම්, ඉලෙක්ට්‍රොනික සේප්පුවක් වගේම මුළුතැන්ගෙයි උපකරණත් අඩංගුයි. 

ආහාරපාන ගැන කතාකිරීමේදී හෝටල් ගෙවත්තෙන්ම නෙළාගත් කාබනික එළවළු පළතුරු ආහාරවලට යොදාගැනීමත් විශේෂත්වයක්. යාපනයටම ආවේණික මුහුදු ආහාර රසයන් අත්විඳින්නත් ‘The Thinnai’ හොඳ තේරීමක්. 

♦ සනත් වීරසූරිය
සේයා රූ - ශාන් බන්දු වීරසිංහ

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00