2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

මුං සේරම ඉන්දියාවට පටවමු

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

මගෙ යාළුවෙක් දවසක් මෙහෙම කතාවක් කිව්වා.

මචං ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කියනවා කොයිකටත්  හඳහන ගෙනල්ලා දෙන්නකො. අපි ඒක බලමු. අපේ අම්මලා කොහොමත් හඳහන් බලනවා කියලා.

දැන් මගෙන් ඕක ගෑනු ළමයෙක් ඇහුවනන් මම ඊළඟට අහන ප්‍රශ්නෙ..

දැං හඳහන් නොගැළපුනොත් බඳින්නැද්ද...?

එහෙම නෑ කියනවනන් එහෙම කෙනෙක්ව නොබැඳ ඉන්න එකම හොඳයි..

හඳහන් නොගැලපුනත් අවුලක් නෑ කියනවනං ඊළඟට අහන ප්‍රශ්නෙ තමා,

අවුලක් නැත්තන් මොන මඟුලටද ඕයි ඕක බලන්නෙ...? කියන එක..

ඒ කොල්ලයි කෙල්ලයි දෙන්නම උසස් අධ්‍යාපනේටත් විද්‍යාව ඉගෙනගත්ත සහ ඉගෙනගන්න උන්. උන්ගෙ වරදකුත් නෑ. මේකෙ කාලයක් තිස්සෙ හදපු සංස්කෘතියට උන් මොනව කරන්නද? ගෙදරින් එන පීඩනේට කෙල්ලත් අසරණයි.

කලින් උඹලා දෙන්න ඕක බලලා ගැලපෙන්නෙ නැත්තන් වෙන සාත්තරකාරයෙක්ට ගාණක් දීලා කෙල්ලගෙ හඳහනට ගැලපෙන එකක් හදලා නැන්දම්මලට පෙන්නහන්. කියලා මම කිව්වා.

අප්පිරියාවක් දැනෙන්නෙ නැද්ද ලංකාවෙ මේ සමහර ගෝත්‍රික වැඩ ගැන. ජීවිතේ ස්වාධීන තීරණයක් ගන්න බැරි ඒකටත් ග්‍රහයෙක්ගෙ පිහිට පතන මිනිස්සු කොයිතරම් ගෝත්‍රිකද?

ඒ ගෝත්‍රික මානසිකත්වෙ නිසා අරුන් දෙන්නා වගේ කී දෙනෙක් අසරණ වෙනවද? ඉපදෙන දවසෙ ඉඳන් මැරෙනකන්ම ග්‍රහයෙක්ට තරුවකට වහල්කම් කර කර කොහෙවත් ඉන්න සාත්තරකාරයන්ට සල්ලි පූජා කරලා ජීවත්වෙන වහල්ලු.

තමන්ගෙ දරුව තෝරගත්ත කෙනා ගැලපෙනවද, තේරුම් අරන්ද, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න උදව් වෙයිද වගේ වැදගත් දේවල් ඔක්කොම පැත්තකින් තියලා කිසිම අදාළත්වයක් නැති මෝඩයෙක්ගෙ කීමක් ලොකු කරගෙන ආදරණීය මානව බැඳීමක් කඩාකප්පල් කරල දාන්න තරම් වෘෂභ මානසිකත්වයක් තියන මව්පියො ඉන්නෙ.

ඒ වගේම හඳහන බල්ලට දාලා ඕකෙ මොන මඟුල තිබ්බත් අපිට පාන් ද ඕයි.  තමුසෙ මට කැමති නම් ග්‍රහයො මොන  බිබික්කමක් කරන්න ද? කියලා ස්වාධීන තීරණේකට එන්න බැරුව පිස්සො වගේ සාත්තරකාරයෙක්ගෙ කීමකට හා කියාගෙන නටන කොන්ද පණ නැති තරුණ පරම්පරාව.

ඉතින් තව මොනව කියන්නද? දූපතේ ආදරේ නෑ කියලා නැටුවට වැඩක් නෑ. සාත්තරකාරයෙක් ‘හා’ කියනකන් කසාදයක්වත් බැඳගන්න බැරි අඩුකුලේ බයි සංස්කෘතියක් තාමත් මෙහෙ තියනවා. හදිසි සේවයක් ලෙස ගැසට් කරලා ඉන්දියාවට යවන්න ඕනෙ ඔය ඔක්කොම උන්ව.

► චාමර අකලංක පොල්වත්තගේ 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00