2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ගෝල්ෆේස් නත්තල්!

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

කොළඹ ගාලුමුවදොර හෝටලය නත්තල් සහ අලුත් අවුරුදු සමය ආරම්භ කරමින් හෝටල් ලොබියේ ඉදිවුණු නත්තල් ගහ විදුලි එළියෙන් ආලෝකවත් කිරීම පහුගියදා සිදුවුණා. ඒ ගාලුමුවදොර හෝටලයේ සභාපති හා හිමිකරු සන්ජීව් ගාඩිනර් මහතාගේ සහ ඔහුගේ මව වන  මවිස් ගාඩිනර් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඊට හෝටලයේ සත්කාරකත්වය ලබමින් සිටි සංචාරකයින් රැසක්ම එක්ව සිටියා.

මෙසේ නත්තල් ගහක් ඉදිකර එය ආලෝකවත් කිරීම ගාලුමුවදොර හෝටලයේ වාර්ෂික චාරිත්‍රයක් බවට මේවනවිට පත්ව තිබෙනවා. ඒ හරහා උත්සව සමයේ සතුට සහ ආශීර්වාදය පැතිරෙන බව හෝටල් කළමනාකාරීත්වයේ අදහසයි. මෙම අවස්ථාවේදී නත්තල් කැරොල් ගී ගායනයක් ද සිදුවුණා. 

නත්තල් සීයා පැමිණ එහි හුන් ළමුන් සියලු දෙනාට නත්තල් තෑගි පිරිනැමුවේ ඉන් අනතුරැවයි. මේ උත්සව අවස්ථාවට නත්තල වෙනුවෙන්ම සකස් කළ පිනි මුවා හැඩයේ බනිස්, චීස්, රසගැන්වූ වයින්, එග්නොග් ආදී ආහාරපාන ද එක්කර තිබුණා.

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00