2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

26 වැනිදා සැමට ජය ගෙනෙන බලවත් යෝගයක්

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

බොහෝ දෙනකුට විශ්මිත ප්‍රතිඵල ගෙන දෙන ත්‍රිපුෂ්කර නම් යෝග බලයක් මෙම දෙසැම්බර් 26 දින අලුයම 01.03  හා 01.06 යන විනාඩි 3ක කෙටි  කාල පරාසය තුළ යෙදී ඇත. මෙය උදාවන්නේ නැගෙනහිර දිශාව බලාය. මේ නැකතට අනුව උදාවන මානව හිතවාදී විශ්මිත ඊ සැර, වෙඩි සැර  බලැති සුවිශේෂ  යෝග බලය නිසා ඇතැමුන්ගේ ජීවිත සම්පූර්ණ පරිවර්ථනයකට පත්වනු ඇත.

මෙකී මුහුර්ත බලය අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, වීසා හා පුවපුටුප යන  නැකැත්වල ජන්මලාභීන්ට විශේෂයෙන්ම සීහිම් බලය ගෙනදේ. එසේම පොදුවේ සියලුම ජන්මලාභීන්ට ගුණාත්මක  හා ධනාත්මක අසීමිත ශක්තියක් හා ධෛර්යයක් ළඟා කරනවා ඇත. 

නැකැත් වේලාවන්හි ප්‍රයෝජනය

නිවාස, වෙළඳ ව්‍යාපාර සමාරම්භය

ගොඩමඩ ඉඩකඩම්, යානවාහන යන්ත්‍ර සූත්‍ර කටයුතු 

 භාණ්ඩ මිලට ගැනීම සහ අලෙවිය

මැණික්, මිණිරන් පතල් කැනීම් සඳහා

ආගමික, සමාජ සුබසාධන ක්‍රියාකාරකම් සඳහා

තුරඟ තරඟ, විභාග, සම්මුඛ පරීක්ෂණ, නඩුහබ විජයග්‍රහණය ආශ්‍රිත ගමන්බිමන් කටයුතු

නිර්ණාමික හා නාමික සොර සතුරන් ආශ්‍රිත ගුප්ත විද්‍යා

පොත්පත්, ලිපිලේඛන ආරම්භය හා තෙල්, බෙහෙත්, කල්ක, චූර්ණ, අරිෂ්ඨ, ආශව ආදිය නිෂ්පාදන සඳහා පටන් ගැනීම

පොදුවේ සැමට ද දෛනික දිවිපෙවෙතෙහි  සුබවාදී විවිධ කරුණු කාරණා සඳහා අතිශය ප්‍රශස්ත වූ සර්ව සිද්ධිදායක මුහුර්තයක් ලෙසට නිර්මාණයව ඇත. මෙදින මුහුර්ත ශුද්ධිය මෙන්ම යෝග කාරක අධි බලැති පසුබිම් පැතිකඩ මෙසේය. පුෂ්කර නාමයෙන් නෙළුම් මල පෙති රුසකින් අනූන වෙන බැවින් පොකුරු යන නාමයෙන් ද සිද්ධි පෙලක් නොමැතිව පොකුරක් ලෙසට තිරසාරව ධනය, බලය, කීර්තිය, අභිමානය දියුණුව ගලා එන එකට තුනක අධි බලය ගෙනදෙන එකම යෝගය ත්‍රිපුෂ්කර යෝග බලය වෙන්නේ  යැයි පුරාණ සෘෂිවරැන් දක්වා ඇත.

 කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි