2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

තරු පහේ හෝටල්වල තරු විසිවෙන නත්තල් කෑම

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

හැම අවුරුද්දෙම නත්තල් මාසෙ කියන්නේ උත්සව පිරුණු කෑමබීම පිරුණු බොහොම විනෝදජනක කාලසීමාවක්. මේ වෙනස කොළඹ හෝටල්වලටත් ඒ විදිහමයි. සාමාන්‍ය ආහාරපානවලට වඩා වෙනසක් විශේෂයක් තමන්ගෙන් ආහාර ලබාගන්න අයට දෙන්න ගොඩක් හෝටල් උත්සාහ කරනවා. ඉතින් මේ කියන්න හදන්නේ කොළඹ හෝටල් කිහිපයක් නත්තල් මාසෙදි කරන ආහාරපාන වෙනස්කම් ගැනයි.

කින්ග්ස්බරි හෝටලය කියන්නේ මේ වනවිට කොළඹ තියෙන රසවත් ආහාර පිළිගන්වන තැනක්. නත්තල් මාසෙ වෙනුවෙන් විශේෂ ආහාර වැඩසටහන් කිහිපයක්ම කින්ග්ස්බරි හඳුන්වාදීලා තියෙනවා. ඉන් ප්‍රධාන වැඩසටහන තමයි Christmas Eve Dinner. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ පිළිගැන්වෙන මේ set menu ආහාරවේල මුහුදු ආහාරවලින් පිරී පවතිනවා. පොකිරිස්සන්, කින්ග් ප්‍රෝන්ස්, කලමාරි වගේ විවිධ රසත් සමඟ චීන සීචුවාන් සහ කැන්ටනීස් ආහාර ශෛලියට අනුව තමයි මේ ආහාරවේල පිළිගැන්වෙන්නෙ. ඒ කින්ග්ස්බරි යුවෙ චුවාන් අවන්හලේදී. ඒ වගේම Christmas Carols නමින් කින්ග්ස්බරිහිදී තවත් විශේෂ ආහාර සාදයක් පැවැත්වෙනවා. රසගැන්වූ වයින් (Mulled Wine) සහ ක්‍රිස්මස් කේක් එහිදී විශේෂ තැනක් ගන්නට නියමිතයි.

කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගියදා විශේෂ ජර්මානු ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ වුණා. උත්සව සමය වෙනුවෙන්ම සංවිධානය වූ ඒ සඳහා එක්වූයේ ජර්මානු සූපවේදී ශිල්පිනියක්.

මේ අතර ගලධාරි හෝටලයත් නත්තල වෙනුවෙන්ම විශේෂිත ආහාර පෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා. Santa Face, Santa boots, Bell වගේ නත්තල් අංග සංකේතවල හැඩයේ කේක් වර්ගත් සාමාන්‍ය පළතුරු කේක්, ක්‍රිස්මස් පුඩින්, ලව් කේක් වගේ කෙටි ආහාර වර්ග බොහෝමයක් සමඟ ගලධාරි හෝටලය නත්තලට සූදානම් වෙනවා. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00