2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

අම්පිටිය ලෝකයට ගෙන යන Golden Crown හෝටලය

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

සෑම කාලයකදීම වාගේ මහනුවර කියන්නේ සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය ගමනාන්තයක්. ඒ ජනප්‍රියත්වය අපේ රටේ සංචාරකයන්ට වගේම විදෙස් සංචාරකයන්ටත් පොදුයි. මේ පසුබිම මත මහනුවර ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට එක්වුණු අලුත්ම සාමාජිකයා වන Golden Crown හෝටලය පසුගියදා විවෘත කෙරුණා. 

අම්පිටිය, උඩගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමියක පිහිටලා තිබෙන මේ හෝටලය ඉතා සුඛෝපභෝගී හෝටලයක්. ජූනියර් suites 10ක්, ප්‍රිමියම් suites 6ක්, ක්‍රවුන් Suites 1ක් සහ ප්‍රසිඩන්ට් suites 1ක් ආදී වශයෙන් මෙහි ඇති මුළු කාමර සංඛ්‍යාව 90ක්.

මේ හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ ආහාරපාන විවිධත්වයයි. එහි අවන්හල් කිහිපයක්ම පිහිටා තිබෙන නිසා විවිධ වර්ගයේ ආහාර රස විඳින්න පුළුවන්. (ද බ්‍රික්ස්) නමින් හඳුන්වන ප්‍රධාන අවන්හලේදී දේශීය, දකුණු ආසියානු සහ වෙනත් ජාත්‍යන්තර ආහාර රසවිඳිය හැකියි. අයිරිෂ් පබ් ආකෘතියට හඳුන්වාදෙන ලෝන්ග් බාර් එකේදී විවිධ ස්නැක්, සැලඩ්, සුප්, ආදිය වගේම අතුරුපස ලබාගන්නත් පුළුවන්. ට්‍රීට්ස් නමින් ඉදිරිපත් කරන කෝපිහලේදී නැවුම් කෝපි වර්ග වගේම කෙටි ආහාර වර්ග දැකිය හැකියි. 

පසෙකින් ඉදිකර ඇති ඉන්ෆිනිට් ගණයේ පිහිනුම් තටාකය හෝටලයට වැඩි සුන්දරත්වයක් එක් කරනවා. ඒ පසෙකින් ඇති ස්විම් අප් බාර්හිදීත් දිවා ආහාරය ලබාගන්න පුළුවන්.

මහනුවර කියන්නේ සම්ප්‍රදායිකත්වය පදනම් වුණු නගරයක්. පැරුණි රාජධානියක්. Golden Crown හෝටලය මේ සාම්ප්‍රදායිකත්වයත් නවීනත්වයත් එකට මුසු කරගත් සොඳුරැ නවාතැනක්. 

I සනත් වීරසූරිය
සේයාරූ - රංජිත් පෙරේරා