2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

මෝදිත් හඬවා සමුගත් බොලිවුඩයේ කපූර්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 197

අති විශිෂ්ට සහ වෙනස් වූ රංගන ප්‍රතිභාවයෙන් රටක් නොව ලොවක් නැලවූ ශෂී කපූර් තම ජීවිතය නැමති රංග භූමියේ අවුරුදු 79ක් සටහන්කොට සදාකාලිකවම නිහඬ වුණා. මෙම පුවත මාධ්‍ය වෙත ලබාදෙමින් රන්බීර් කපූර් පැවසුවේ මෙවැන්නක්. &ඔව් ඔහු ජීවිතක්ෂයට  පත්වුණා. වසර කිහිපයක ඉඳන් ඔහුගේ කිඩ්නිවල ප්‍රශ්න වගයක් තිබුණා. අවුරුදු ගණනක ඉඳන් ඔහු ඩයලිසිස් (රුධිර පාරවිලයනය කිරීම) කරමිනුයි හිටියේ. 

වේදිකා නාට්‍ය කලාවට සහ හින්දි සිනමාව සම්බන්ධව සිටි පෘථිවිරාජ් කපූර්ගේ නිවසෙහි 1938 මාර්තු 18 වැනිදා ශෂී කපූර් උපත ලද අතර අවුරුදු 4 පටන් තමන්ගේ පියාගේ කලා කටයුතුවලට දායකවීමට ශෂී කපූර්ට අවස්ථාව ලැබුණා.2011දී ඉන්දියානු රජය ශෂී කපූර්ව පද්ම භූෂණ ගෞරව සම්මානයෙන් පිදූ අතර 2015දී ඔහුට ආදා සහේබ් යන ගෞරව නාමයත් ප්‍රදානය කළා. මීට අමතරව ශෂී කපූර්ට නැෂනල් අවෝඩ් තුන්වරක් හිමි කර ගන්න හැකිවූ අතර 1979දී ශෂී විසින් නිර්මාණය කළ ජුනූන් සිනමාපටය සඳහා බෙස්ට් ෆීචස් ෆිල්ම් නැමති සම්මානයත් ලැබුණා. 1994දී මුගාහිජ් සිනමා පටය සඳහා ස්පෙශල් ජූරි සම්මානයත් ඔහුට ලැබුණා. 

ශෂී කපූර්ගේ ළමාවිෙය් නම බන්බීර් රාජ් කපූර්. ශෂී පාසල් යන කාලයේ පටන් වේදිකා නාට්‍යවල කොටස්කරුවෙක් වුණා. ඒත් ඔහුගේ එම අදහස පාසල් යන කාලය තුළදී ඉටුකර ගන්න ලැබුණේ නෑ. ඒත් පාසලෙන් නොලද අවස්ථාව ශෂීට තම පියාගේ පෘථිවි තියටර් එකෙන් ලැබුණා. රාජ් කපූර් සහ ශම්මි කපූර් ශෂී කපූර්ගේ සහෝදරයන් වූ අතර ශෂී කපූර් සිනමා පට 150ක පමණ රඟපා තියෙනවා.

ශෂී කපූර් හින්දි සිනමාපාටයන්ට අමතරව The house holder, Shakespeare wallah, Bombay Talkie, and heat and dust නැමති ඉංග්‍රීසි සිනමා පටවලද රඟපා ඇති නළුවෙක්.

ශෂී කපූර් මුම්මසිහි මටුංහාවල පිහිටි දොන් බොස්කෝ උසස් පාසලට යන්නේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලටයි. ශෂී කපූර්ට ඉංග්‍රීසි ජාතික නිළියක් වුණු ජෙනිෆර් කොන්ඩාල්ව හමුවුණේ දොන් බොස්කෝ උසස් පාසලේදීය. 1956 අවුරුද්දේදී මේ දෙන්න වේදිකා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධවෙලා එකට වැඩ කළා. ශෂීගේ තාත්තා පෘථිවි තියටර්ස් එකේ අයිතිකාරයානේ. ජෙනිෆර්ගෙ තාත්තා ජෙෆ්රි කොන්ඩාල් ශේෂ්පියර් කියන නාට්‍ය කණ්ඩායමේ හිමිකරුවා. මේ කණ්ඩායම් දෙකම කල්කතාවල ජනප්‍රියයි. ජෙනිෆර් සහ ශෂී එකට වැඩ කරගෙන යද්දී දෙදෙනාටම නොදැනී මේ දෙන්නා ආදරය කළා. විවාහ වුණා. 

කුනාල් කපූර්, කරන් කපූර් කියලා පුතාලා දෙන්නෙක් වගේම සංජනා කපූර් කියලා දුවෙකුත් කාලය ගත්වෙද්දිම ලැබුණා. 

ජෙනිෆර් සහ ශෂී දෙන්නත් එක්ක එකතුවෙලා කල්කතාවල තිබුණු පෘථිවි තියටර් එක 1978 නොවැම්බර් 05 වැනිදා මුම්බායිවලත් ආරම්භ කළා. ආදරයෙන් සාමකාමීව ගෙවන මේ දෙන්නගේ ආදර කතාව 1984දී නතර වුණා. ඒ 1984දී පිළිකාවක් වැළඳී ජෙනිෆර් මියයාම නිසායි.

ඉන්පසුව තනිව ජීවත් වුණු ශෂී කපූර් මෙන්න මේ සිනමා සම්මාන තමන්ගේ කර ගන්න සමත්වෙලා තියෙනවා.

1994දී 1993 තිරගතවුණු Muhafiz වෙනුවෙන් National Film Award- Special Jury Award/ Special Mention (Feature film).

1986 – National Film Award - හොඳම නළුවා - නිව් දිල්ලි ටයිම්ස් සිනමාපටය.

1979 – National Film Award for Best Feature Film mention.

Film Fair Awards

2010 ෆිල්ම් ෆෙයාර් ලයිෆ් ටයිම් ෆිල්ම් ෆෙයාර් හොඳම චිත්‍රපටය සඳහා 1982 - කල්යාන්, 1980 - ජුනූන්

1976 - දීවාර් - රවී ශර්මා, හොඳම සහාය නළුවා සඳහා.

මේ ඔහු ලැබූ සිනමා සම්මානවලින් කීපයක්. ඔහු ලැබූ සම්මාන ගැන කියන්න පිටු ගාණක් යනවා. ඔහු රංගනයෙන් නායක වූ සිනමා පට 150ක් අතුරින් මෙන්න මේ සිනමාපට කිහිපය ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට පෙරාතුව ශෂී කපූර් ළමා නළුවෙක් විදිහට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ මෙන්න මේ සිනමා පටවලටයි. 

ආග් - 1984ල ආවාරා - 1951. සංග්‍රාම් - 1950, ධර්මපුත්‍ර - 1961, චාර් දීවාර් - 1961, මෙහෙන්දී ලගී මෙරේ හාත් - 1962, ජබ් ජබ් පූල් කීලේ - 1965, රාජා සාබ් - 1969, රූනානා කරෝ - 1970, ජාන්වර් ඕර් ඉන්සාන් - 1972, කභී කභී - 1976, සුහානා සනාජී - 1970, පතංගා - 1971, ආ ගලේ ලජ්ජා - 1973, අනාර් - 1975, දීවානාහී - 1975, කලී සවා - 1980, කල්යාන් - 1981, දිල් නේ පුකාරා - 1967, ත්‍රීශූල් - 1978, නීයන් - 1980, අන්ධී තූභාග් - 1985, සුභූති - 1978. 
ශෂී කපූර් දෙවැනියට වැඩිම මිලක් අයකරන නළුවා ලෙසින් වාර්තා පොතට ඇතුළත් වෙලා තියෙනවා.  ඔහු මෙන්න මේ කියන සිනමාපටවල තමන් අද්විතීය රංගනයක් ඉදිරිපත් කළ බව බොහෝ වෙලාවට කියලා තියෙනවා.

කීදේ හමාරී ඛ්වාබ් තුම්හාරේ, ජබ් ජබ් පූල් ඛිලේ, හසීනා මාන් ජායේගී, ප්‍යාර් කා මෝසම්, රාජා සාබ් 1969, ජාන්වර් ඕර් ඉන්සාන්, Mr.රෝමියෝ, ආ ගලේ ලග්ජා, චෝරී මේරා කාම්, පාන්ඩි, ජුනූන්, කල්යාන්, පිසල්වා ආස්මාන්, නිව් දිල්ලි ටයිම්ස්, ඩස්ට් 1983, ඉන් කුඩ්ටඩ්, ප්‍යාර් කියේජා, ප්‍රේම් කහානී, දීවාර්, මුක්කී, ක්‍රිෂ්නා, හීරාලාල් පන්නලාල්, අලග් අලග්.

ශෂී තම මිතුරුකම්  දිගටම පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ ඉතාම සීමිත පිරිසක් එක්කයි. ඒ අතර මුලින්ම ඉන්නේ ප්‍රවීණ ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්. ජීවතුන් අතර නැති රොමෑන්ඩ් කිංග් යෑශ් චොප්රා, MGR කිශෝර් කුමාර්, මොහොම්මද් රාෆි, ලතා මංගේෂ්කාර් යන අය සහ ඔහුගේ සහායක නිළියන් පමණයි. 

ඒ වගේම ශෂී ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙන් 1990දී විශ්‍රාම අරන් තියෙනවා.

ඔහු 55වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදී ජීවිත කාලයටම එක වරක් පමණක් පිදෙන සම්මානයෙන් ද පිදුම් ලැබුවා. 

ශෂී කපූර්ගේ වියෝව පිළිබඳව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි තම ට්විටර් ගිණුමේ මෙසේ සඳහන් කර තියෙනවා. 

භාරතයේ සහ දෙස් විදෙස් සුප්‍රකට සිනමා රංගවේදියෙකු වූ ජනප්‍රිය නළු ශෂී කපූර්ගේ වියෝව පිළිබඳව අසා මහද ඉමහත් දුක්ඛ දෝමනස්සයට පත්වුණේය. ඔහුගේ අති දක්ෂ රංගනය සහ ඔහු භාරතය ලොව තුළට ගෙන ගිය ඔහුගේ සිනමාපට මෙන්ම ඔහුගේ භූමිකාව ද සදහටම අප මතකයන් තුළ රැඳෙනු ඇත. ඔහුගේ ඥාතී හිතමිත්‍රාදීන් වෙත මගේ සංවේගය මෙසේ සටහන් කරමි. 

අමිතාබ් බච්චන් තම ට්විටර් ගිණුමේ ඔබ අපෙන් සමුගත්තා. ලෙස සටහනක් තබමින් ඉතා දීර්ඝ ශෝක ප්‍රකාශයක් සටහන්කොට තිබුණා. 

මීට අමතරව ශාරුක්, සල්මාන්, ආක්ෂය ඇතුළු හින්දි සිනමාව දිග් විජය කළ බොහෝ සිනමා නළු නිළියන් ශෂී කපූර් පිළිබඳව තම සංවේගයන් ප්‍රකාශ කර තිබුණා.

ප්‍රේක්ෂකයින්ගේ නෙතු අගට උණුසුම් කඳුළු කැට ඉතිරිකොට ඔහුගේ මතකය සදාකාලික ලෙස උපන් දේශයට පමණක් නොව ලොවටම ඉතුරුකොට ශෂී කපූර් නැමති අද්විතීය රංගධරයා හා සිනමාපට නිෂ්පාදකයා සියල්ල අතහැර දමා ස්වභාව ධර්මයේ නියමයට අවනතව නික්ම ගියා.

ඉන්දියානු මාධ්‍ය අැසුරින්
►චන්දන වරාවිටග්‍ෙ

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00