2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

කඳු අතරේ තනිවෙන්න The Secret - Ella

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 425

අතීතයේදී නිද්‍රාශීලී ගම්මානයක් වුණු ඇල්ල, මේ වනවිට සුන්දර සංචාරක කලාපයක්. විදෙස් සංචාරකයන් වගේම ත්‍රාසජනක සංචරණ අත්දැකීම් විඳින්න කැමැති අය සහ පවුලේ නිවාඩු ගතකිරීම සඳහාත් ඇල්ල විශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙනවා. බණ්ඩාරවෙලට ආසන්නයේ පිහිටා ඇති ඇල්ල අයිතිවන්නේ ඌවටයි. සංචාරක කර්මාන්තයේ දියුණුව නිසාම ඇල්ලේ සංචාරක නවාතැන් පහසුකම් වුණත් මෑතකාලීනව වේගයෙන් වැඩිදියුණු වෙලා.

මේ සංචාරක පහසුකම් අතරට මෑතකදී එක්වුණු සුන්දර හෝටලයක් ලෙස ‘The Secret- Ella’ නම් කළ හැකියි. එය සුප්‍රකට ’98 Acre Resort’ යටතේම පාලනය වන නවාතැනක්. 

කඳු අතරේ පිහිටි මේ නවාතැන ඇත්තෙන්ම අවට ලෝකයෙන් මඳකට වෙන්වී සිටින්න හොඳ ස්ථානයක්. අක්කර 10ක තේ වත්තක පිහිටා තිබෙන මේ හෝටලයට ප්‍රසිද්ධ ආරුක්කු නමයේ පාලමත් හොඳින් දිස්වෙනවා. නවැතැනේ පහසුකම් දෙස බැලූ විට සම්ප්‍රදායිකත්වයත්, නවීනත්වයත් කදිමට මුසු කරගනිමින් ඉදිරිපත් කර ඇති හෝටලයක් ලෙස හැඳින්විය හැකියි. 

මේ හෝටලය ඉදිකර තිබෙන්නේ 1860 ගණන් වල මෙහි විසූ සුදු ජාතික වතුහිමියකුගේ බංගලාව යොදාගනිමිනුයි. ඉන්පසුව මෙරට ගාඩ්නියර් පවුලටත් එතැනින් ඌව හල්පේවත්ත තේ සමාගමටත් හිමිවුණු මේ බංගලාව එතැන් පටන් හෝටලයක් ලෙස නැවත හඳුන්වා දෙනු ලැබුවා. 

මේ හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 10ක්. ඉන් පහක් ප්‍රධාන බංගලාවේත් ඉතිරි පහ සුඛෝපභෝගී දැවමුවා කැබින් වශයෙන් තේ වත්ත තුළත් පිහිටා තිබෙනවා. බංගලාවේ ඇති කාමර තුනක් පවුලේ කාමර ලෙස භාවිත කළ හැකි Suits පන්නයේ කාමර වීමත් විශේෂත්වයක්. මෙහි ආහාර අත්දැකීමත් ඉතාම නැවුම් සහ පෞද්ගලික රුචිඅරුචිකම් අනුව සැකසෙන්නක්.

මෙහි පැමිණෙන සංචාරකයන්ට අවට පිහිටි සුන්දර ස්ථානවන දුන්හිඳ, දියලුම, රාවණා ඇල්ල වැනි දියඇලි මෙන්ම බදුල්ල, උඩවලව, යාල, ඇඩිෂම් බංගලාව මෙන්ම නැගෙනහිර වෙරළ තීරයට පවා සංචාර සූදානම් කරන්නත්, හෙළිකොප්ටර් සවාරි පිරිනැමීමටත් හෝටල් කාර්ය මණ්ඩලය සූදානම්. 

♦ සනත් වීරසූරිය

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00