2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඇය ගැහැනියයි

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

දෙවියන් වහන්සේ ගැහැනිය නිර්මාණය කිරීමේ කාර්යයේ සයවන දින මධ්‍යම රාත්‍රියත් එළැඹිණ.. දේවදුතයෙක් උන්වහන්සේ වෙත පැමිණ, මෙසේ විමසීය. 

ඇයි මෙතරම් කාලයක් මේ වෙනුවෙන් ගත කරන්නේ?

ඔබට අනුමාන කළ හැකිද මැයව කෙතරම් සංකීර්ණ පිරිවිතර ප්‍රමාණයක් අඩංගු කරමින් එකලස් කරාද කියලා? මැය ඕනෑම දුෂ්කර තත්ත්වයක්, අවස්ථාවක් මැද්දේ වුවත් ක්‍රියාත්මකයි. මැයට එකවර දරුවන් කිහිප දෙනෙකු වුණත් වැළඳගත හැකියි. මැයගේ එක් වැළඳ ගැනීමකින් තැලුණු දණහිසේ සිට බිඳුණු හදවත දක්වා සියල්ල සුවපත් කළ හැකියි. මේ සියලු දේ කළ යුත්තේ ඇයගේ අත් දෙකෙන් පමණයි. ලෙඩවූ විට ඇයම පිළියම් කරගනිමින් දිනකට පැය 18ක් වැඩ කරයි...

පැහැදීමට පත් දේවදූතයා මේ සියල්ල මැයගේ අත් දෙකෙන් පමණක්? හිතාගන්නවත් බෑ.!! එතකොට මේ සම්මත ආකෘතියක් ද?

දේවදූතයා මදක් ළංවී ඇයව ස්පර්ශ කළේය.

මැයව මෙතරම් මෘදු ස්වභාවයෙන් නිර්මාණය කළේ ඇයි සමිඳාණන් වහන්ස?

ඔව්.. ඇය මෘදුයි. ඒත්, මම ඇයව ශක්තිමත් කර තිබෙනවා. ඇයට මුහුණ දී ජයගත හැකි දේ ඔබට හිතාගන්නවත් බෑ.

ඇයට සිතන්න පුළුවන්ද? දේවදූතයා විමසීය.

ඇයට සිතන්න පමණක් නොව ඇයට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්. දේවදූතයා ඇයගේ කම්මුල් ස්පර්ශ කළේය...

ස්වාමීනි, මේ නිර්මාණයෙන් යමක් කාන්දු වෙනවා පෙනෙනවා! ඔබ මැය මත බොහෝ බර තබා ඇති නිසා විය හැකියි.

දෙවියන්වහන්සේ එය නිවැරදි කරමින්, ඒ කඳුළු යැයි පැවසූ සේක. 

ඒ කුමක් වෙනුවෙන් ද?

කඳුළු යනු ඇගේ ශෝකය, ඇයගේ සැක සංකා, ඇගේ ප්‍රේමය, ඇගේ තනිකම, ඇගේ දුක් වේදනා සහ ඇගේ අභිමානය ප්‍රකාශ කිරීමකි.

දේවදූතයා තව තවත් පැහැදීමට පත්ව සමිඳාණන් වහන්ස... ඔබේ බුද්ධි ප්‍රභාව ශ්‍රේෂ්ඨයි.... ඔබ සියල්ල කල්පනා කළා.

කාන්තාවක් නියත වශයෙන්ම විශිෂ්ටයි. ඇත්ත වශයෙන්ම ඇයට පිරිමියෙකු පුදුමයට පත් කළ හැක. ඇයට දුක් කරදර කන්දරාවක බර රැගෙන යාමේ හැකියාව ඇත. ඇයට ආදරය සතුට සහ අදහස් සිරකරගෙන සිටීමේ හැකියාව ඇත. කෑමොරදීමට සිතෙන විට සිනාසීමේ හැකියාව ඇත. හඬන්නට සිතෙන විට ගීතයක් මුමුණයි. සතුටක් ඇතිවූ විට හඬයි. බියක් ඇතිවූ විට සිනාසෙයි. ඇය විශ්වාස කරන දේ සඳහා සටන් වදියි. ඇගේ ආදරය කොන්දේසි විරහිත වේ. සමීපතමයෙකු මියගිය විට සිත බිඳී යන මුත් ඇය ජීවිතය ඉදිරියට ගෙන යෑමට ශක්තිය ලබා ගනියි දෙවියන් වහන්සේ කීහ.

එසේ නම් මැය පරිපූර්ණ කෙනෙක්?

නැත... මෙහි එක් දුර්වලතාවයක් ඇත....

ඒ ඇයට නිතරම අමතක වෙනවා තමන් කෙතරම් වටීද යැයි කියා !!

අන්තර්ජාල උපුටා ගැනුමක්