2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

නැගලා යන හයිෆයි තේ කඩ

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

අපේ රට මේ තරම් තේ නිෂ්පාදනය කරන, තේ පානය කරන රටක් වුණත් කාලයක් පුරාවටම අපේ රටේ තිබුණේ තේ කඩ වෙනුවට කෝපි කඩ. හැබැයි මේ වෙද්දී තේ කඩ සංස්කෘතියත් ජනප්‍රිය වෙන්න පටන් අරන්. 

හැබැයි මේවා සාමාන්‍ය තේ කඩ නෙමෙයි. වැඩිදියුණු කළ තේ පිරිනැමෙන සුඛෝපභෝගී තේ අවන්හල්. එහෙම සුපිරි තේ අවන්හලක් තමයි ඩච් හොස්පිට්ල් පරිශ්‍රයේ පිහිටලා තියෙන Heladiv Tea Club.

ඩච් හොස්පිට්ල් පරිශ්‍රයට ඇතුළු වුණු ගමන්ම ඔඩෙල් සාප්පු සංකීර්ණය අසල පිහිටලා තියෙන මේ අවන්හල ඇතුළත වගේම පිටතත් ආසන පනවා තිබෙනවා.

ආහාර පාන ගැන කතාකිරීමේදී විවිධ රසගැන්වූ තේ වර්ග, ග්‍රීන් ටී, ඩාර්ලිජිලින් ටී, අයිස් ටී, ටී මොක්ටේල් වගේ තේ වර්ග රැසක් දැකගන්න පුළුවන්. අයිස් ටී විවිධ රසවලින් එන නිසා කහට ගතිය අඩු අයිස් ටී වුණත් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපේ රටටම ආවේණික වුණු සුපිරි තේ වර්ග රැසක් පානය කළ හැකියි.

හැබැයි තේ වගේම කෝපි වර්ගත් මෙහි පිළිගැන්වෙනවා. කැපුචිනෝ, එස්ප්‍රෙසෝ සමඟ ඊටම සරිලන සැන්ඩිවිච් වර්ග, වොෆ්ල්ස්, සැලඩ් වර්ග ලබාගන්න පුළුවන්. 

මීට අමතරව මිල්ක් ෂේක්ස්, ජූස් වර්ග වගේම බර්ගර්, ලසන්යා වගේ ආහාර වර්ග රාශියක් මෙහි අැතත් තේ හෝ කෝපි පානයක් සමඟ සැන්ඩ්විචයක් හෝ වොෆ්ල්ස් වැනි කෙටි ආහාරයක් මේ අවන්හලේ පරිසරයට වඩාත් හොඳින් ගැලපෙනවා. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00