2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ලෝකෙටම ගිය ලංකාවේ බෙරහඬ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

ජාත්‍යන්තර තාල වාද්‍ය සංගීතයේ ආස්වාදය සංගීත සැණකෙළියක ස්වරූපයෙන් පළමුවරට කොළඹට සමීප කරවපු The Bera Fest 2017 ප්‍රසංගය පසුගියදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨය අවට පැවැත්වුණා. මේ ජාත්‍යන්තර බෙර සංගීත අත්දැකීම නිර්මාණය කළේ අපේ රටේ සිටින දක්ෂ වගේම යොවුන් තාල වාද්‍ය කණ්ඩායමක් වන නාද්රෝ (NAADRO) විසින්. 

විවිධ බෙර වර්ග පිළිබඳ වැඩමුළු, සංදර්ශන, වාදන ප්‍රසංග ආදී බොහෝමයක් දේ ඒහිදී පැවතුණා. ඒ වගේම නාද්රෝ සතුව තිබෙන ලංකාවේ ලොකුම බෙර එකතුවත් මෙතැනදී ප්‍රදර්ශනය කෙරුණා.

මේරියන්ස්, වායෝ, ඩැඩී, මිස්ටී වැනි සංගීත කණ්ඩායම්වල ඩ්‍රම් වාදකයන්ට තනි තනිව තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවකුත් මෙතැනදී සලසා දී තිබුණා. ඊට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා.

ඉන් අනතුරුව ප්‍රධාන සංගීත ප්‍රසංගය ආරම්භ වුණේ රාත්‍රී 7.30ට පමණයි. එළිමහන් රංග පීඨය තුළ පැවැති මේ සඳහා විස්සකට වැඩි වාද්‍ය වෘන්දයක් එක්ව සිටියා. ජනනාත් වරකාගොඩ, හික්කඩුවේ එලිෆන්ට් ෆුට්, බ්‍රිතාන්‍ය ජාතික පීට් ලොකෙට්, එක්සත් ජනපදයෙන් එරික් මූර්, රාජස්ථානයේ ජන සංගීත ශිල්පීන් තම තමන්ගේ කේවල හැකියාවනුත් එහිදී ඉදිරිපත් කළා.

ඉන්පසුව භාතිය සන්තුෂ්, කසුන් කල්හාර, චිත්‍රාල් සෝමපාල, ළහිරු පෙරේරා කියන ශිල්පීන් සිව්දෙනා සහ ඩැඩී සංගීත කණ්ඩායම සමඟ  මෑතකදී නාද්රෝ කළ නිර්මාණ වේදිකාව මත දිගහැරැණේ ඉතාමත් ප්‍රාසාංගික අයුරින්. අන්තර්ජාතික තලයේ බෙර සංගීත උළෙල කොළඹදී දිගහැරුණේ එලෙසින්. 

♦ රජිත 
ඡායාරූප - NAADRO

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00