2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

අවන්හලේ වෑහෙන දේශීය රස Botanik

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

කොළඹ ෆෙයාර්වේ ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටා තිබෙන Botanik අවන්හල තමයි අගනුවරට එකතු වුණු අලුත්ම අවන්හල. ඉකුත් සැප්තැම්බර් මාසයේදී විවෘත කෙරුණු මේ අවන්හල කොළඹ නගරය මැද තිබුණත් හරිම නිස්කලංක පරිසරයක් මවන තැනක්.

මෙහි එක් පසෙකින් දිස්වෙන්නේ අලංකාර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දෙකයි. අවන්හලේ ඇතුළත අලංකරණ කටයුතු පවා බොහොම සැළකිල්ලෙන් සිදුකරලා තියෙන්නේ උසස් අවන්හලක පෙනුමක් ඊට එක්කරමිනුයි. 

මේ අවන්හලේ ප්‍රධාන සූපවේදියා රිෂී නලීන්ද්‍ර. මිෂෙලින් සූපවේදියෙක් වන ඔහු බොටැනික් හි ආහාරපාන පිළියෙල කරන්නේ, ඔස්ට්‍රේලියාවේදීත්, සිංගප්පූරුවේදීත් ලබාගත් අත්දැකීම් අනුවයි. ඒ නිසාම ආහාරවල රසය ඉතාම උසස්. ඒ වගේම නැවුම්.

මම ආහාරගැනීම ආරම්භ කළේ Roasted Beetroot Salad එකෙන්. ඉන්පස්සේ Roasted Mahi Mahi, Buffalo Curd Parfait වගේ ආහාර වර්ග කිහිපයකම රස බැලුවා. ඒ සියලු ආහාර සඳහා ඔවුන් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තිබීමත් ලොකු විශේෂත්වයක්.

මේ අතර හැන්දෑ වරුවේ කාර්යාල වේලාව නිමවීමෙන් පසු පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් Metamorphosis නමින් ඔවුන් Happy Hour එකකුත් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් අලුත් දේවල් රාශියක් මේ අවන්හල හරහා ඉදිරිපත් කෙරෙන බවත් දැනගන්න ලැබුණා.

I ධනූ
ඡායාරූප - You’re my favourite

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00