2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

Bakes by Bella අවන්හලේ විස්මිත High Tea කෑම

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

හැම ශ්‍රී ලාංකිකයකුම වගේ මමත් High Teaවලදි කැමති ටිකක් තෙල් සහිත කෙටි ආහාර, අයිස් කෝපි, ෆලූඩා වගේ දේවල් කිහිපයක් රසවිඳින්නයි. හැබැයි ඇත්තම High Tea එකකදී විවිධ තේ වර්ග රැසක් සමඟ ඊටම ගැලපෙන පැණි රස සහ දැවිල්ල සහිත කෙටි ආහාර තමයි රස විඳිය යුත්තෙ. 

පහුගියදා මම Bakes by Bella අවන්හලට ගොඩවුණේ ඔවුන් එතැනට එකතු කරපු අලුත්ම තේ තේමාව දැකබලා ගන්නයි. ඇලිස්ගේ විස්මලන්තය ඇසුරෙන් නිර්මාණය කරපු එය ඔවුන් හඳුන්වන්නේ Blue Velvet by Bella නමිනුයි. 
උසස්ම තත්ත්වයේ දේශීය තේ මෙතැනදී පිරිනැමෙනවා. ඒ අතරම දුම් ගසා පිළියෙල කළ සැමන් පෙති, ක්‍රීම් චීස් යෙදූ බ්‍රියොචෙ පාන් පිළිගැන්වෙනවා.  ඒ වගේම රතු ලූනු, එළුකිරෙන් හැදූ චීස්, මිනි බීට්රෑට් බර්ගර්, ෆෙටා චීස් රැප් වගේ කෙටි ආහාර බොහොමයක් මෙතැන දැකගන්න පුළුවන්.

පැණිරස කෑම අතරින් ෆෘට් ටාර්ට් එක විශේෂයි. කස්ටඩ් එළියට පනින තුරු මේ රසවත් ටාර්ට් එක හපන්න පුළුවන්. ඒ වගේම රාස්බරි ඉක්ලෙයාර් එකත් ගොඩක් රසයි.

මේ බටහිර ආහාර අතරට දේශීයත්වය එක්කරන්නත් Bakes by Bella අමතක කරලා නැහැ. ඒ නිසාම ඉස්සෝ වඩේ දීසියකුත් මේ High Tea එකට ඇතුළත්. ඊට දෙහි කැබැල්ලකුත් යහමින් මිරිස් කැබලිත් එකතු කරලා තියෙන නිසා නියම රසය ලබාගන්න පුළුවන්.

♦ ධනූ
ඡායාරූප - you’re my favorite

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00