2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

වැලි ගොඩක් යට මසාජ් එකක්!

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

සංචාරය හා සම්බාහනය අතර මේ වෙද්දි තියෙන්නේ ලොකු සම්බන්ධයක්. ස්පා සම්බාහන වෙනුවෙන්ම රට රටවල් අතර සංචාරය කරන අය පවා දකින්න ලැබෙන්නේ ඒකයි. විශේෂයෙන්ම තායිලන්තයේ බැංකොක් වගේ නගර ස්පා ප්‍රතිකාර වෙනුවෙන් ලෝකයේම ප්‍රසිද්ධයි.

මේ කියන්න හදන්නේ තවත් කෙනෙක් ලවා කරවාගන්නා සාමාන්‍ය සම්බාහනය ක්‍රමයක් ගැන නෙමේ. ඒ තමයි Sand Bathing හෙවත් වැලි නෑම.

අපි සමහර වෙලාවට මුහුදු වෙරළකට ගිය වෙලාවට වෙරළේ වැලිවලින් ශරීරය වහගෙන ඉන්න හදනවා. ඒක විනෝදයට කරන දෙයක් වුණත් ජපානය, ජර්මනිය සහ විශේෂයෙන්ම මැදපෙරදිග ලෝකයේ වැලි ගොඩක සැතපීම කියන්නේ හොඳ සම්බාහන ක්‍රමවේදයක්. විශේෂයෙන්ම ජපානයේ මේ සඳහා භාවිත කරන්නේ ගිනි කඳු ආශ්‍රිත වැලි විශේෂයක්.

මේක ඇත්තටම ස්වාභාවික සම්බාහනයක්. වැලිවල තියෙන උණුසුමින් අපේ ශරීරය රත් කිරීමත් ඒ හරහා දහදිය හැකි තරම් ඇඟෙන් පිට කිරීමත් තමයි මේකෙදි කෙරෙන්නෙ. හරියට ස්ටීම් බාත් එකක් වගේ.

කොහොම වුණත් කරන්න තියෙන්නෙ වැලි යටට යන එක නිසා ඇඟ ආවරණය වෙන්න ඇඳුමකුත් ඇඳගෙන තමයි මේ සම්බාහනය ලබාගන්න වෙන්නෙ.

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00