2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මිනී මරණ ග්‍රහෙයා් වැඩට බැහැලා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

භිර්ගු නන්දන නාඩියට පෙන‍ෙයි

හදිසි ආපදා ඇතිවීම සඳහා මුලින් පැවසූ විෂම ග්‍රහචාර පරිසරය තුළ දී කේන්ද්‍රවල පාප ග්‍රහයන්ගේ පිහිටීම ද බොහෝදුරට බලපායි. එවිට සිදුවන හානිය තව තවත් තීව්‍ර වෙයි.

2017.08.18 වෙනිදා සඳු හිමි කටක රාශියට රාහු ග්‍රහයා පිවිසි අතර 2017.09.12 දා කිවි හිමි තුලා රාශියට ද ගුරු ග්‍රහයා පිවිසී ඇත. ඔක්තෝබර් 26 දින ගුරු හිමි ධනු රාශියට ශනි ග්‍රහයා පැමිණියේය. මෙකී රාශි මාරුත් සමඟ ලොව පුරා ජනී ජනයාගේ මනස අවුල් කර දමා ඇත. ඉවසීමේ සීමා ඉවත් වී තිබේ. දුරදිග නොබලා වාහන පදවන්නට යන්නේය. අවීචි මහා නරකාදිය මහා මාර්ගයේ දිස්වන්නේය. යමපල්ලන් විසින් සිදුකරනු ලබන ආකාරයට පණ පිටින් සිටි මිනිස්සු ලේ ගංඟාවල් මත අවසන් හුස්ම හෙළති. ගිනි ගෙන දැවෙන වාහන සමඟ පණ පිටින් පිළිස්සෙන්නෝය. මහ පාරේ මරණයක් දෙකක් සිදුනොවන දිනයක් නැති තරම්ය. එසේම ගංඟාවල, ජලාශවල ගිලී පවුල් පිටින් විනාශ වෙති. ඇතැම්හු ගිනි අවිවලින් කුලියට මිනී මරති. සුළු ප්‍රශ්න නිසා සිය දිවි නසාගන්නා අයද නිතර කරළියට එති. 

මේ විදිහට මිනී මරන්නේ කවුද? මෙවැන්නක් කරගන්නට තරම් මානසිකත්වයක් ඇති වුණේ ඇයි? ඒ දොළොස් ග්‍රහ මණ්ඩලයේ ක්‍රියා කලාපය නිසාය. 

සිංහලයා වඳ වෙන ජාතීන් අතර දැන් සිටිනුයේ තුන්වන ස්ථානයේය. 1970 දශකයේදී තමන් විසින්ම වර්ගයා බෝ කිරීම කප්පාදු කළේය. මහ ජාතිය යැයි කියා ගන්නා සිංහල ජාතිකයා විවිධ විපත්ති සිදුකරගෙන අකාලයේ මිය යන්නේය.

අනාගතයේදී සමස්ත ජනගහණයෙන් සීයට තිස් පහක්වත් සිංහල ජාතියට හිමි නොවන බව පෙනේ. එය තහවුරු කරනු ලබන්නේ විසි එක්වෙනි ශත වර්ෂයට නිර්මාණය වූ භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත රැගත් මීනාදී දක්ෂිණාවෘත රාශි මණ්ඩලය පරිශීලනය කිරීමේදීය.  2017.12.31 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී නිර්මාණය වන ගෝචර ග්‍රහ ශක්තිය ඊට ආරෝපණය වූවිට එම තත්ත්වය තීව්‍ර වේ.

2017.08.02 වෙනිදා යුරේනස් වක්‍ර වූයේය. එසේ වූයේ 1999.12.31 දින නීච ශනි සිටි මේෂ රාශි බල ප්‍රදේශයේය. මෙකී යුරේනස් වක්‍රය 2018.01.01 දක්වා පවතී.

ඒ වාගේම පසුගිය  ඔක්තෝබර් 14දා කුජ කන්‍යාවට පැමිණියේය. එවිට කුජගේ චතුරශ්‍රයේ දෘෂ්ටිය එකී නීච සෙනසුරාට ද ගුරුට ද එල්ල විය. කුජ ග්‍රහයා 2018.01.16 වෙනිදා දක්වාම තම දෘෂ්ටිය ශනි+ගුරු දෙදෙනාට පමණක් නොව යුරේනස්ට ද එල්ල කරන්නේය.

මේ නිසා ගල් තලන ගල් රෝලට යටකර කළු ගල් කුඩු පට්ටම් කරනවා මෙන් මනුෂ්‍යයින් ද ලේ විල් මැද කුඩු පට්ටම් කර දමනවා ඇත. දැන් සිදුවන ගහ මරා ගැනීම්, වෙඩි තබා ගැනීම් බුරුතු පිටින් මියයන හදිසි අනතුරුවලට භාජනය වීම් සිදුවන්නේ මේ නිසාය. අයහපත් ග්‍රහ දශානුදශා ගත කරනු ලබන ඕනෑම ජගතෙකුට බලවතෙකුට මේ න්‍යායෙන් ගැලවිය නොහැක. විශේෂයෙන් හදවතට එකඟව දුෂ්ට, දුර්ජන, අසත්පුරැෂකම්, දූෂණ, මැරකම්, ජඩකම් ආදී ක්‍රියාවන්ගෙන් තොරව ධාර්මික ජීවිත ගත කරන අයට නම් යම් සහනයක් ලැබිය හැක. 

කෙසේ වෙතත් 2018 වර්ෂය ලබන්නේ ඒ තරම් යහපත් පරිසරයක් සමග නොවන බව නම් කනගාටුවෙන් යුතුව පැවසිය යුතුව ඇත. මෙකී ග්‍රහ දොළොස් කට්ටුව විසින් මිනී මරනවා පමණක් නොව ගංවතුර තර්ජන ද නියං සායක් ද විවිධ ස්වභාවික විපත්ති ද මවා සිංහල ජාතිය වනසා දමනු ඇත.

ද්වාපර යුගයෙන් පසුව මේ ගෙවී යන්නාවූ කලි යුගයේදී යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයින් තිදෙනාගේ ප්‍රබල බලපෑම එල්ල වීම හා පෞරාණික නාඩි ග්‍රන්ථවල කලියුගය වර්ෂ 5000 ගෙවුණ පසු සිදුවන මේ විනාශය අපූරුවට පෙන්වා ඇත. ක්‍රි.ව. 2017 යනු කලියුග වර්ෂ 5118 වන්නේය. මේ කාලයේ පෘථිවි වාසීන් ලවා මරලතෝනි දෙන සැමට දැඩි විනාශකාරී පරිසරයක් නිර්මාණය කර තිබෙන බව පෙනෙන්නට ඇත. 

මෙය මෙතෙකින් නතර වන්නේද නැත. දැන් පෘථිවියේ විනාශයට පෙර සූදානම ඇරඹී ඇත. එවිට ග්‍රහයින්ගේ උච්ච නීච රාශි පවා සංශෝධනය වී ජෙතිෂ්‍යය උඩුයටිකුරු කෙරෙන්නේය. අලුතින්ම ජ්‍යෙතිෂ ක්‍රමයක් ජ්‍යොතිර්වේදීන් අතට පත් වන්නේය. දැන් ලංකාවේ එය සිදුවෙමින් පවතී. එනම් භිර්ගු නන්දන නාඩියට ජනතාව හුරුවෙමින් පැවතීමය. එවිට ග්‍රහයන් වැඩි වෙනවා ඇත. කෙසේ වුවද මේ කාලයේදී ජනතාව සියලු පාපවලින් වැළකී ධර්මිෂ්ට ජීවිත ගතකිරීමට පෙළඹිය යුතුය. එවිට පෙර පවු පලදීම යම් පමණකට හෝ පමාකර ගත හැකිය. රට අධාර්මික වනවිට ස්වාභාවික මෙන්ම කෘත්‍රිම විපත් ද සිදුවන බව අමතක නොකළ යුතුය.

පුද්ගලයන්ට හදිසි ආපදා ඇතිවීම සඳහා මුලින් පැවසූ විෂම ග්‍රහචාර පරිසරය තුළ දී ඔවුන්ගේ කේන්ද්‍රවල පාප ග්‍රහයන්ගේ පිහිටීම ද බොහෝදුරට බලපායි. එවිට සිදුවන හානිය තව තවත් තීව්‍ර වෙයි.

උපත 1995-02-02

උදාහරණයක් ලෙස ඉහත දැක්වූ ජන්ම පත්‍රය ගත හැක. මැයගේ කේන්ද්‍රයේ කන්‍යා රාශියේ හෙවත් 6 වැන්නේ සිටි අඟහරු 2017-10-14 දින 7 වැන්නට පැමිණේ. මෙම ජන්මියා මාරක අනතුරකින් මේ වන විට මියගොස් ඇත. ඒ 2017-10-28 වැනිදාය. මෙම ජන්ම පත්‍රයේ උත්පත්තියේ දී සිකුරු ග්‍රහයා ධනු රාශියේ හෙවත් 10 තැන්පත් වී ඇත. එම සිකුරු ග්‍රහයාට කුජ ග්‍රහයා මක්තෝබර් 14 දා සිට දෘෂ්ටි එල්ල කරමින් සිටියේය. සෙනසුරු ග්‍රහයා ඔක්තෝබර් 26 දා ගෝචරයෙන් ධනු රාශියට පැමිණ සිකුරු මතින් යාමට සූදානම් විය. එවිට උත්පත්ති කේන්ද්‍රයේ 12හි තැන්පත්ව සිටි ශනි, චන්ද්‍ර යන දෙදෙනාට සෙනසුරා 3 වැනි දෘෂ්ටිය එල්ල කළේය. ගෝචර කුජගෙන් උත්පත්ති සිකුරා ද ගෝචර සෙනසුරා ද පීඩාවට පත් විය. මැයගේ සැපකාරක සිකුරා තදින්ම පීඩාවට පත් විය. 10 වැන්න දෙපාද නිවේදනය කරයි. ලග්නාධිපති ගුරු ග්‍රහයා උත්පත්ති කේන්ද්‍රයේ 9 වැන්නේ සිට උත්පත්ති කුජගේ 4 වැනි දෘෂ්ටියෙන් පීඩා විඳිමින් සිටියේය. මැයි 2019-05-14 දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාව ගත කරමින් සිටියද එයට පෙර මියගියාය. මෙම කේන්ද්‍රය හිමිකාරිය මුලින් පැවසූ විශ්ව ගෝචර ග්‍රහ ශක්තිය විසින් තම බිල්ල ලෙස ඩැහැගනු ලැබීය. මෙවැනි වකවානුවලදී සමාන ගෝචර රටා ඇති ජන්මින් මෙලෙස අකාලයේ මිනීමරු ග්‍රහයන්ගේ වසඟයට පත් වේ.

තම කේන්ද්‍ර වල පහත දැක්වෙන ග්‍රහ පිහිටීම් ඇති අය පෙර කී ලෙසම අකාලයේ විනාශයට පත්වන ප්‍රවණතාව අධිකය.

ගෝචර අඟහරු ග්‍රහයා උත්පත්ති සෙනසුරුට දෘෂ්ටි ගෙනදීම.
ගෝචර අඟහරු ග්‍රහයා උත්පත්ති සෙනසුරා මත ගමන් කිරීම.
ගෝචර අඟහරු ග්‍රහයා උත්පත්ති ගුරු ග්‍රහයාට දෘෂ්ටි ගෙනදීම.
ගෝචර අඟහරු ග්‍රහයා උත්පත්ති ගුරු ග්‍රහයා මත ගමන් කිරීම.
ගෝචර අඟහරු ග්‍රහයා උත්පත්ති රාහු ග්‍රහයාට දෘෂ්ටි ගෙනදීම.
ගෝචර අඟහරු ග්‍රහයා උත්පත්ති රාහු ග්‍රහයා මත ගමන් කිරීම.

ඔබගේ කේන්ද්‍ර වල මෙවැනි ග්‍රහ පිහිටීම් ඇතොත් 2018 මාර්තු මාසය අවසන් වනතුරුම ඉතාම පරිස්සම් වී ආගමානුකූල ක්‍රියාවල යෙදීම අවශ්‍ය වෙයි.

විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
ගාල්ලේ- තලගහ- අක්මීමන සුරාශ්‍රී ගුණවර්ධන