2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ලොක්කෙකුගේ කීර්තිනාමයට හානි!

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

රවි වෘෂ්චිකයට යයි

2017 නොවැම්බර් මස 16 වැනි ගුරු දින දවල් 12 පසුවී විනාඩි 23ට රවි ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වන කුජට අයත් වෘෂ්චික රාශියට සංක්‍රමණය වෙයි. අනතුරුව ගුරුට අයත් විසා නැකතේ හතරවැනි පාදයෙන්ද සෙනසුරුට අයත් අනුර නැකතේ සහ බුධගේ දෙට නැකතේ සම්පූර්ණවත් 2017 දෙසැම්බර් 16 වැනි ශනි දින පාන්දර 3 පසුවී විනාඩි 1 දක්වාම ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී දේශීය කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජය විසින් යම් යම් ශුභවාදී ක්‍රියාමාර්ග ගනු ලබන බව පෙනේ. භූමියේ හදිසි ගිලාබැසීමක් හෝ නායයාමක් වාර්තා වනු ඇත. උසස් පුද්ගලයන්ගේ කීර්තිනාමයට හානිවන පුවත් පැතිර යනු ඇත. රාජ්‍ය ප්‍රධානියකුට හදිසි රෝගාබාධයක් ඇතිවනු ඇත. විදේශීය රාජ්‍යයන් සමඟ මිත්‍රකම් වර්ධනය වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී රාජ්‍ය ප්‍රධානියකුගේ හෝ කීර්තිමත්භාවයක් සහිත පුද්ගලයකුගේ අභාවයක් සිදුවනු ඇත. විනෝදස්ථානයකට හෝ සමාජ ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ. ආර්ථික අර්බුද ඉහළ යන අතර මහජනයා මුදල් ගැටලුවලින් පීඩාවිඳින වකවානුවක් වේ.

ලග්න අනුව ඔබට

•මේෂ - ආර්ථිකය හොඳයි
ගමන්වලින් ශරීර පීඩා ඇතිවන අතර දරුවන් ලැබීමට සිටි අය ප්‍රවේශම් වීම වැදගත් වනු ඇත. ඔබට ලැබිය යුතු ආර්ථික වාසියක් හෝ දේපලක් ඔබට හිමිවන වකවානුවක් වන අතර ආර්ථික වර්ධනයක් ඇති වේ.

වෘෂභ - උෂ්ණ රෝග
ඔබට යහපත් වන අතර සිතේ සහනය තරමක් අඩුවන වකවානුවක් වේ. හවුල් කටයුතුවලින් ඵල අත් වේ. විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. ශරීරයේ ඌෂ්ණ රෝග ඇතිවිය හැක.

•මිථුන - දුර ගමන්
නෑදෑයන් සමඟ මෙන්ම සහෝදරයන් සමඟ බැඳීම වර්ධනය වන වකවානුවක් වේ. සිතේ සහනය අඩුවනු ඇත. දුර ගමන් යෙදෙනු ඇත. හදිසි ශරීර පීඩා ඇති වේ. ඇස්වල පීඩාද මතු වේ.

•කටක - දේශපාලනයට හොඳයි
ඔබගේ යම් යම් වැඩ කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. හිත මිත්‍රයන්ගෙන් උදව් උපකාර ඇති වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයටද යහපත් වේ.

•සිංහ - රැකියාවේ දියුණුව
ඔබ ඔබගේ මතයට කටයුතු කරමින් වැඩ කටයුතු රුසක් සාර්ථක කරගන්නාවූ වකවානුවක් වේ. අවිවේකී වකවානුවක් වන අතර සිතට ප්‍රශ්න වැඩිවනු ඇත. රැකියාවේ දියුණුවක් උසස්  වීමක් ලබාගත හැකි කාලයක් වේ.

•කන්‍යා - සිත් අමනාපකම්
තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යාම නිසා තම හිතවතුන් සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත.

•තුලා - ඇස්වල පීඩා
තම උත්සාහයේ තරමට ඵල අත්කරගත නොහැකි වකවානුවක් වේ. සිතේ ප්‍රශ්න ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරතවන අයට යහපත්ය. ඇස්වල පීඩා ඇති වේ.

•වෘෂ්චික - විදේශ ගමන්
තම මතයට අනුව වැඩ කරන අතර තමන් කරන කටයුතුවල සාර්ථකත්වයක් තමාට අත්කරගත හැකි වන්නාවූ වකවානුවකි. දුර ගමන් යෙදෙන අතර විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

•ධනු - විවිධ බාධා
ඔබට යහපත් ඵල අත්නොවේ. ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනමුත් විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර ඇස්වල පීඩා ඇතිවනු ඇත.

•මකර - ගැටලු ලිහේ
දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් ඵල අත්වන අතර තමන් හට පැවති ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ. හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත.

•කුම්භ - හවුලට හොඳයි
යම් යම් කටයුතුවලට නිර්භීතව ඉදිරිපත් වීම නිසා අන් අය අතර කැපීපෙනෙන පුද්ගලයකු බවට පත්වන වකවානුවකි. සිතේ සහනය අඩුවන අතර හවුල් කටයුතුවලින් ඵල ලැබෙන වකවානුවක් වනු ඇත.

•මීන - ලාභ අඩු වේ
ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අයට ලාභ අඩුවන වකවානුවක් වේ. හවුල් හා සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. අත්පාවල පීඩාවක් ඇති වේ.

•ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව ගෝනපල

►සංස්කරණය | යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00