2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ටාජ් සමුද්‍රා නවරත්න අවන්හලේ රස වෑහෙන නාන්-තන්දූරි චිකන් - මට්න් රස එක්ක සුවඳැති බත්

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

නාන් සහ තන්දූරි චිකන් සම්බන්ධයෙන් මගේ මුල්ම මතකයක් ටාජ් සමුද්‍රා හෝටලයේ නවරත්න අවන්හල හා බැඳී පවතිනවා. අවුරුදු ගාණකට පස්සේ ගියත් මේ අවන්හලේ ආහාරවල රසය ප්‍රමිතිය වෙනස් වෙලා නොතිබීම නම් ඇත්තටම විශේෂයක්.

නවරත්න අවන්හල ටාජ් සමුද්‍රා හෝටලය ආරම්භයේ පටන්ම එහි තිබුණු අවන්හලක්. ඒ නිසාම කොළඹ තරු පහේ හෝටල්වල තියෙන පැරැණිම ඉන්දියානු අවන්හලක් විදිහටත් නවරත්න අවන්හල හඳුන්වන්න පුළුවන්. Smart Casual ඇඳුමකින් සැරසී යායුතු මේ අවන්හලේ නිරන්තරයෙන් සියුම් ඉන්දියානු සංගීත රටා වාදනය වෙනවා. මේ නිසාම පවුලේ අයට වගේම, ආදරවන්තයන් යුවලකටත්, ව්‍යාපාරික හමුවකටත් මේ අවන්හල එක වගේ ගැලපෙනවා. 
Sweet Lassi කියන්නේ යෝගට්වලින් සෑදු රසවත් බීමක්. Sweet Lassi වලින් ආහාරවේල පටන්ගත්තම වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න හැකි වන ආකාරයට අපේ බඩ හරි ගාණට හැඩගැහෙනවා. 

Hyderabadi Kache Gosht Kebiriyani  කියන්නේ මෙතැන තියෙන රසවත්ම ආහාරයක්. මට්න් රසයත් සමඟ සුවඳැති බත් නිසාත් හොඳ ආහාර අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම තන්දූරි චිකන් සහ නාන් කියන්නේත් මෙතැන තියෙන ඉතාමත් හොඳ රස සංයෝගයක්. අතුරුපස ගැන කතාකරද්දි Kulfi තමයි විශේෂ. ඒ අතරිනුත් Malai Kulfi ගොඩක්ම රසවත්.

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයා රූ - කණිෂ්ක ගනේවත්ත