2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කිව්ව ගමන් බඩු රෙඩි Harpo’s Colombo Fort Cafe

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

කොළඹ පැරැණි ලන්දේසි රෝහල් සාප්පු සංකීර්ණයට ඇතුළු වුණු ගමන් එක එල්ලේම පෙනෙන අවන්හල තමයි Colombo Fort Cafe අවන්හල. හාර්පෝ පිට්සා වෙතින් ඉදිරිපත් කරලා තියෙන මේ අවන්හලේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අනෙක් බොහෝ අවන්හල්වලට සාපේක්ෂව වැඩි නිදහසක් අඩු තදබදයක් මෙතැන තිබීම. (හැබැයි තදබදය කියන කාරණය සිකුරාදා සවසට නම් වලංගු නැහැ)

මේ අවන්හලේ ඇතුළත වගේම අවන්හලෙන් පිටත කොරිඩෝවේත් ආසන කිහිපයක් පනවලා තියෙනවා. එළිමහනේ ඉඳගෙන මොක්ටේල්, කොක්ටේල්, බීර වීදුරුවක පටන් වෙනත් ඕනෑම පානයකුත් ඉංග්‍රීසි, ඉතාලි, ස්පාඤ්ඤ, කැරිබියානු, විවිධ ආහාර රසවිඳින්නත් මෙතැන කදිම තැනක්.

විශේෂයෙන් මෙතැන ගොඩක් හොඳ ස්නැක් එකතුවක් දකින්න පුළුවන්. Tapas නමින් විශේෂයෙන්ම ස්පාඤ්ඤ ආරට සැකැසූ ස්නැක් වර්ග ගොඩක් තියෙනවා. යහමින් ඔලිව් යොදලා, සැලඩ් සහ ක්‍රීම් සමඟ දෙන මේ ස්නැක් වර්ග කොක්ටේල් වීදුරුවක් හෝ බීර වීදුරුවක් එක්ක ගත කරන හැන්දෑවකට හොඳින් ගැලපෙනවා.

ඒ වගේම හාර්පෝ අවන්හලක් නිසාම හොඳ පිට්සා එකතුවකුත් මෙතැන දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැන්දෑවේ පහත් හතත් අතර Happy Hour එකේදී මොහිටෝ, බියර් වගේ දේවල් ගොඩක් අඩු මුදලකට ලබාගන්න පුළුවන්.

මෙතැන සේවාව ගැන කතාකරද්දි ලොකු විශේෂත්වයක් නැති වුණත් ඇණවුම ඉතා ඉක්මනින් මේසයට එන එක නම් හොඳ දෙයක්. ආහාර පිළියෙල කරන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ වගේම ආහාර සහ බීම කියන දෙකම එක වෙලාවෙම මේසයට එන නිසා බලාපොරොත්තු වුණු විදිහටම හොඳ ආහාර පාන සංයෝජනයක් එක්ක කාලය ගත කරන්න පුළුවන්. 

I රජිත

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00