2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

හිතට වදින්න...

මහාචාර්ය ඒ.වී.සුරවීර

කඩදාසි, තීන්ත ආදී උපකරණ මිල වැඩි වීම පොත් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් වී ඇත. නොයෙක් විධියේ බදු (එනම් ආයතන අවස්ථාවේ දී, තොග වෙළෙඳ අවස්ථාවේ දී, සිල්ලර වෙළෙන්ඳාගෙන්, මුද්‍රණ ශිල්පියාගෙන්, ප්‍රකාශකයාගෙන් පොත් වෙළෙන්ඳාගෙන් ආදී වශයෙන්) යම්කිසි ආකාරයකින් ඉවත් වුවහොත් පොත් මිලෙන් 30% ක් පමණ අඩු කළ හැකි බව ප්‍රකාශක මතයයි. රජය මගින් අද මෙසේ පනවා ඇති විවිධ ආකාරයේ බදු ඉවත් කළහොත්, එය පොත් ප්‍රකාශනය ගැන ඇල්මක් ඇති කාගේත් අවධානය යොමු විය යුතු කරුණකි. පොත ජාතික සංවර්ධනයේ එක් අංගයක් ලෙස සලකන්නේ නම්, අනෙක් නොයෙක් විධියේ කර්මාන්ත මෙන් සහන දීමනා සහිතව පිළිගත් කර්මාන්තයක් ලෙස මෙය පිළිගැනේ නම් ඉතා හොඳය. එහෙත් තවම ඒ ගැන කිසිවක් සිදු වී නැත.