2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

මහනුවර ළාබාල Grand Kandyan Hotel

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

 

මහනුවර කියන්නේ අපේ රටේ සංස්කෘතියත් ආගන්තුක සත්කාරයත් හොඳින්ම දකින්න ලැබෙන නගරයක්. මේ කඳුකර සීතල නගරයට ආගන්තුක සත්කාරශීලිත්වයේ නව උණුසුමක් එක්කරන හෝටලයක් තමයි Grand Kandyan හෝටලය. 

මෑතකදී තරු පහේ හෝටලයක් ලෙස බුහුමනට පාත්‍ර වෙච්ච ග්‍රෑණ්ඩ් කැණ්ඩියන් හෝටලය පිහිටලා තියෙන්නේ මහනුවර නගර මධ්‍යයේමයි. හරියටම ශ්‍රී දළදා මාලිගාවේ ඉඳන් මිනිත්තු දහයක දුරිනුයි. 

ආරම්භ කරලා තවමත් අවුරුදු දෙකකට වැඩි කාලයක් නොවුණත් Grand Kandyan මේ වනවිට මහනුවර නගරයට එන බොහෝමයක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත් වෙලා තියෙනවා. සියයකට වැඩි කාමර සංඛ්‍යාවක් තිබෙන මේ හෝටලය මගින් ලබාදෙන නවීනත්වය මුසු පහසුකම් ඊට ප්‍රධාන හේතුවක්. 

සංස්කෘතික නගර මධ්‍යයක පිහිටා තිබෙන නිසාම Grand Kandyan ඔබේ විවේකයට බොහෝ දෑ එකතු කරන්නට සමත්. සවස්වරුවේ සුන්දර නගර සංචාරයක යෙදෙන්න, සාප්පු සවාරියේ යෙදෙන්නෙ, මාර්ගෝපදේශකයකු සමඟ වුණත් සංචාරයක් යන්න එන්න මෙතැන කදිමයි. ඒ වගේම හෝටලයේ පිහිනුම් තටාකය සහ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයත් නවාතැන් ගන්නා සංචාරකයන්ගේ කයටත් මනසටත් සහනයක් ලබාදෙනවා. 
පෞද්ගලික බැල්කනි වගේම සැටලයිට් ටීවී, වයි ෆයි, මිනි බාර් ඇතුළු නවීන පහසුකම් සියල්ලක්ම පාහේ Grand Kandyan හි නවාතැන් ගන්නා ඔබට හිමිවෙනවා. ආහාර පාන ගැන කීවොත්, දේශීය ආහාරපාන වගේම ඉන්දියානු, තායි හා වෙනත් අන්තර්ජාතික ආහාර වර්ගත් පිරිනැමෙනවා. හෝටලයේ මිල ගණන් රුපියල් 19,000 සිට 52,000 දක්වා පරාසයකට විහිදෙනවා. 

 සනත් වීරසූරිය
සේයා රූ | ශාන් බන්දු වීරසිංහ

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00