2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා

කොළඹ මැද ප්‍රංශ රස

 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා, ප.ව. 07:32 109

කොළඹ නගරයේ කැෆේ ෆ්‍රන්සේ (Cafe Fransais ) අවන්හල ආරම්භවෙලා දැන් ටික කාලයක් වුණත් එහි යන්න ප්‍රමාද වුණේ එතැන ඉතාම මිල අධික ආහාරපාන තිබෙන තැනක් කියල හිතුණු නිසායි. නමුත් පසුගිය දවසක එහි ගිය වෙලේ මට දැනුණේ මම බොහොම වැරැදි අදහසකින් හිටි බවකුයි.

ඉතාමත් හොඳ අමුද්‍රව්‍ය යොදාගෙන මෙතැන හදන කෑම වර්ග කටට කෙළ උනන තරම් රසවත්. ඒ නිසා කොළඹ නගරයේදී මට මුණගැහුණු බොහෝම රසවත් තැනක් විදිහට මේ අවන්හල හඳුන්වන්න පුළුවන්.

හැබැයි මෙතැන තියෙන හැම කෑමක්ම ප්‍රංශ ආහාරම නෙමෙයි. වෙන රටවල ආහාර වර්ගත් තියෙනවා. ඒ වුණත් ආහාර පිළියෙල කිරීමට නම් ප්‍රංශ සූප ශාස්ත්‍රය යොදාගන්න බවක් තමයි දැනගන්න ලැබුණෙ. ආහාර වගේම අවන්හල හාත්පස පරිසරයත්, ආහාරයටම ගැලපෙන පසුබිම් සංගීතයත් නිසා කොළඹ නගරයේ ඉඳන් පාවෙලා පැරීසියට ගියා වගේ හැඟිමක් මෙතැනදී එනවා.

ආහාර සඳහා යොදාගන්නේ ඉස්තරම්ම අමුද්‍රව්‍යයි. විශේෂයෙන්ම ආහාරවලට යොදන චීස් සතිපතා ප්‍රංශයේ සිට ගෙන්වනවා. ඒ නිසා ඇතැම් විට මිල ටිකක් වැඩිවුණත් ඊට සරිලන උසස් අත්දැකීමක් හිමිවෙනවා. 

නටාෂා ෆර්නැන්ඩුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00