2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සතුන් වෙනුවට මුහුදේ වැඩ පෙන්නන Tented Villas

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

ජෙට්වින් යාල කියන්නේ වනාන්තරය හා බැඳුණු ක්‍රියාකාරකම් රැසකින් සමන්විත තැනක්. මේ හෝටලයට අලුතින්ම එකතුවුණු ඒකකයක් තමයි ‘Tented Villas’. යාල වනාන්තරයට අයත් මුහුදු තීරයේ ඉදි කරලා තියෙන මේ විලා ගණන 10ක්.

“සාමාන්‍යයෙන් යාල කියන්නේ වනාන්තරය හා බැඳුණු සංචාරක ගමනාන්තයක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. අපිට අවශ්‍ය වුණේ මෙතැනට පොඩි වෙනසක් එකතු කරන්නයි. යාලට අයත් මුහුදු වෙරළ තුළ අපි වෙරළ අත්දැකීමක් සංචාරකයින්ට සමීප කරලා තියෙන්නේ ඒ අනුවයි.” යනුවෙන් ජෙට්වින් යාලහි නේවාසික සොබාදම් මාර්ගෝපදේශක චාමර අමරසිංහ පවසනවා.

මෑතකදී ඕස්ට්‍රේලියානු සමාගමක් සිදුකළ පර්යේෂණවලින් පසුව යාල මුහුදු තීරයත්, නැගනෙහිර මුහුදු තීරය වගේම සියලු ජලාශ්‍රිත ක්‍රියාකාරකම්වලට සුදුසු තැනක් ලෙස නම් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහටයි මේ ‘Tented Villas’ බිහිවෙන්නෙ. 

Bodysurfing, Windsurfing, Kayaking සහ Kitesurfing වගේම වොලිබෝල්, පාපන්දු, ටැග් රග්බි වගේ විවිධ ක්‍රීඩා සඳහාත් මෙතැන පහසුකම් පවතිනවා.

I සනත් වීරසූරිය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00