2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

කල්පිටියට පායන අලුත් තරු හතර

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

කල්පිටිය කියන්නේ ඩොල්පින් මසුන් නිසාම ජනප්‍රිය වුණු සංචාරක ගමනාන්තයක්. සංචාරක පුරවරයක් වුණත් කල්පිටියේ පවතින විශාල අඩුපාඩුවක් විදිහට නවාතැන් පහසුකම් හිඟකම පෙන්වා දෙන්න පුළුවන්. 

නමුත් මේ ප්‍රශ්නයට විසඳුමක් රැගත් අලුත් හෝටලයක් නොවැම්බරයේදී කල්පිටියේදී විවෘත වීමට නියමිතයි. ඒ තමයි Blue Whale Boutique Beach resort. තරු හතරේ හෝටලයක් වන මෙහි පළමු අදියර යටතේ DELUXE Suites දෙකක්, EXCUTIVE කාමර දෙකක් සහ සාමාන්‍ය කබානා කාමර 6ක් සහ එක් Family කබානා කාමරයක් ඉදිවෙනවා. 

දෙවැනි අදියර යටතේ ලබන වසරේදී තවත් අතිරේක කාමර 55ක් සහ කබානා 48ක් ඉදිවීමට නියමිතයි. මේ සමඟ කල්පිටිය ප්‍රදේශයේ විශාලම සහ සුඛෝපභෝගීම හෝටලය ලෙස මෙය නම් කළ හැකියි. මේ හෝටලය ඉදිවන්නේ පරිසර හිතකාමී අයුරින් වීම ද විශේෂත්වයක්. එනම් හෝටලයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට අසූවක්ම සූර්ය බලශක්තිය ඔස්සේ සපුරා ගැනීමට නියමිතයි.  මෙවැනි තරු පන්තියේ හෝටලයක් නිසා කල්පිටිය ලොව ජනප්‍රියම ඩොල්පින් නැරඹුම් ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද විශාල ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා. කල්පිටි මුහුදේ ඩොල්පින් මසුන්ට අමතරව තල්මසුන් ද බහුලව සැරිසරනවා. කල්පිටිය මුහුදේ තල්මසුන් නැරඹීමට සුදුසුම කාලය වන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් මැද දක්වා කාලයයි. 

ඩොල්පින් හා තල්මසුන්වලට අමතරව සොබාදහම් තවත් අපූරු නිර්මාණයක් වන කොරල් පරයක් ද කල්පිටියේදී දැකගත හැකියි. වර්ග කිලෝමීටර 307කින් යුත් මේ කොරල් පරය ශ්‍රී ලංකාවේ දිගම කොරල් පරය වීමද කැපී පෙනෙනවා. මීට අමතරව රාත්‍රි කාලයේ මසුන් ඇල්ලීම වැනි විවිධ ක්‍රියාකාරකම් මෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරඹීමට යාමට ද පුළුවන්.

I සනත් වීරසූරිය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00