2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

බැංකොක් ස්පෙෂල් ගොළුබෙලි මසාජ්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

තායිලන්තයේ බැංකොක් නුවර කියන්නේ ස්පා ලෝකයේ අගනුවර වගේ තැනක්. ලෝක ප්‍රකට මේ ස්පා ගමනාන්තයේ තියෙන අරුම පුදුම මසාජ් එකක් වගේම ෆේෂල් එකක් තමයි ගොළුබෙලි මසාජ් කියන්නෙ. ලංකාවෙ අපිට නම් ටිකක් අප්‍රසන්න බවක් දැනුණට මේ වෙද්දි ගොළුබෙලි මසාජ් එක තායිලන්තයේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ජනප්‍රිය වෙමින් පවතිනවා.

ගොළුබෙලි මසාජ් එක කරන්නේ මුහුණට පමණයි. මුහුණේ තැනින් තැන රඳවන ගොළුබෙල්ලන් තුන්දෙනෙක් පමණ මුහුණ හරහා ගමන් කිරීම තමයි මෙතැනදි සිද්ධ වෙන්නෙ. මසාජ් එකක් කිව්වට ඇත්තටම මෙතැනදි වෙන්නෙ මුහුණට අලංකාරයක් ලැබෙන එකයි. 

ගොළුබෙලි මසාජ් කරන අය කියන විදිහට මේ වැඩේට යොදාගන්නේ එක් විශේෂ ගොළුබෙලි වර්ගයක් විතරයි. එයාලාව බොහොම පරිස්සමින් බලාකියා ගන්නවා. කොටින්ම එයාලට කන්න දෙන්නෙත් කාබනික එළවළු. 

ඉතින් මේ ගොළුබෙල්ලන් මුහුණ පුරා ඇදෙමින් විශේෂ ප්‍රතිඔක්සිකාරක වගේම ප්‍රෝටීන වර්ගත් මුහුණේ සමට එකතු කරනවා. ඒ නිසාම ක්ෂණයකින් මුහුණට අලුත් දීප්තියක් පැහැපත් බවක් ලැබෙනවාලු