2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

බහරේන් සිසුවිය දකින යාපනේ චමත්කාරය

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

යාපනය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සංස්කෘතිය විදහා දක්වන සංස්කෘතික නගරයක්. අවුරුදු ගණනක යුද්ධය නිසා ජීවිත හානි, දේපොළ හානි තිබුණත් යාපනය බොහොම ලස්සන හරිත පැහැය ගත් තැනක්. 

යාපනයේ නල්ලූර් කෝවිල දෙමළ ජනතාව අතර වැදගත් පූජනීය ස්ථානයක්. බිත්ති පුරා ඇඳි සිතුවම්, විශාල කුලුනු සහිත කොරිඩෝ, ශුද්ධ වූ ජලය පිරුණු පොකුණ ඇතුළු තැන් නල්ලූර්වල වටිනාකම වැඩිකරනවා. 

යාපනය බලකොටුවත් තවත් ආකර්ෂණීය ස්ථානයක්. ලන්දේසි යුගයට අයිති මේ බලකොටුව අද යාපනය නගරයේ සුන්දරත්වය නරඹන්න පුළුවන්හොඳම තැනක්. යාපනය කොටු පවුර ඊට හොඳින් ගැලපෙනවා. 

ඉන්දියාවේ අතීත චෝල අධිරාජ්‍යයට කිලෝමීටර 30 පමණ දුරින් පිහිටා තිබුණු යාපනයට එම අධිරාජ්‍යයේ බලපෑම වගේම පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන යුගවල බලපෑමත් විශාල වශයෙන් එල්ලවුණා. ඒ නිසාම ඒ ඒ යුගවලට අයත් පුරාවිද්‍යාත්මක උරුමයන් රැසක් යාපනය නගරය පුරා විසිරී පවතිනවා. 

මීට අමතරව යාපනය අර්ධද්වීපය අවට තවත් පුංචි පුංචි දූපත් රැසක් පවතිනවා. ඒවායේත් පන්සල් කෝවිල් ඇතුළු නරඹන්න බොහෝ දේ තිබෙනවා. 

දකුණේ සිට ගොඩබිමින් යාපනය දක්වා යන ගමන තරමක් වෙහෙසකර එකක් වුණත් එහි අධිරාජ්‍යවාදී යුගයේ ලක්ෂණ වගේම දෙමළ සංස්කෘතික ලක්ෂණත් නිසා ඒ වෙහෙස ක්ෂණිකව සමනය වෙනවා. 

මාරියම් අල් අජිමි

(මොරටුව විශ්ව විද්‍යාලයේ FEEL LANKA ව්‍යාපෘතිය යටතේ මෙහි පැමිණි බහරේන් ජාතික සිසුවියකි)