2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

දිවියන්ගේ රාජධානියේ EKHO සෆාරි අත්දැකීම්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

පර්යේෂණවලින් සොයාගෙන තියෙන අන්දමට යාල කියන්නේ ලෝකයේ විශාලතම දිවි ඝනත්වයක් තිබෙන වනාන්තරයයි. ඇතැම් විට දිවියන් වගේම, කළු වලසුන්, අලියන් සහ විශාල කුරුල්ලන් ප්‍රමාණයක් දකින්න පුළුවන් ලෝකෙ තියෙන හොඳම තැනත් යාල වෙන්න පුළුවන්. 

යාලට කිට්ටුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටා තිබෙන EKHO සෆාරි හෝටලය යාල වනාන්තරය තුළ සෆාරි අත්දැකීම් ලබාගන්න කැමැති කෙනෙක්ට හොඳ නවාතැනක්. යාලට අමතරව බූන්දල කුරුලු අභය භූමියත් මෙතැනට ආසන්නයේ පිහිටා තිබෙනවා. 

තිස්ස රෙස්ට් හවුස් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන EKHO සෆාරි හෝටලය පිහිටා තිබෙන්නේ තිස්සමහාරාම වැව් ඉවුරේයි. ඒ නිසා තිස්ස වැවේ බෝට්ටු සවාරියක් යන්න වගේම වැවට එන කුරුල්ලන් නරඹන්නත් මෙතැන කදිමයි. ඒ වගේම කතරගම වන්දනාවට එන අයටත් මෙතැන හොඳ නවාතැනක්. 

මෙහි මුළු කාමර සංඛ්‍යාව 50ක්. ඊට Suites මාදිලියේ කාමර තුනක් ඇතුළත්. මේ Suites කාමරවල විසිත්ත කාමරයක් සහ කෑමකන කාමරයක් අඩංගුයි. වායුසමනය කරන ලද මේ සියලු කාමර නවීන පහසුකම්වලින් සමන්විතයි. 

විශේෂයෙන්ම පහත මාලයේ කාමරවල දොර විවෘතවන්නේ ගෙවත්තටයි. පිහිනුම් තටාකය නිසා ගෙවත්තේ අලංකාරය වැඩිවෙනවා වගේම වැඩි මානසික ඉස්පාසුවක් සංචාරකයන්ට හිමිකරදෙනවා. 

ආහාරපාන ගැන කතාකිරීමේදී දේශීය ආහාර වගේම බටහිර ආහාරපානත් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම කිරින්ද මුහුදෙන් ලබාගන්නා මුහුදු ආහාර මෙතැනදී රස විඳින්න පුළුවන්. ඒ වගේම බාබකියු පහසුකම් පවා තිබෙනවා. 
මේ දිනවල හෝටලයේ නවාතැන් ගැනීමේදී ක්‍රෙඩිට් කාඩ් සඳහා සියයට 50ක් දක්වා වට්ටම් හිමිවෙනවා. 

 සනත් වීරසූරිය
සේයාරූ | ශාන් බන්දු වීරසිංහ