2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ලංකාවේ One and Only සුනඛ හෝටලය

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

අපි මෙදා ගමන ගියේ ටිකක් වෙනස් තාලේ හැබැයි ගොඩක්ම අපූරු තැනකට. අපි ගමන්ගත් රාජගිරියේ කලපලුවාව පාරේ පිහිටලා තිබෙන මේ නිවස බලු සුරතලුන් රැසකගේ නවාතැනක්. The Dog Lady’s House නම් මේ ස්ථානය තමයි කොළඹ නගරයේ පළමු සුනඛ පුහුණු නේවාසිකාගාරය. එහෙමත් නැත්නම් සුනඛ හෝටලයක් කියලත් මේක නම් කරන්න පුළුවන්. 

මෙතැන හිමිකාරිනිය තමයි අශ්විනී අයියර්. ඇය සහතික ලත් සුනඛ හැසිරීම් ආචාරිනියක්. එයාට පුළුවන් ධනාත්මක ක්‍රමවේද යොදාගෙන බලු සුරතලුන්ට ගොඩක් දේවල් උගන්වන්න. හොඳ විනය ගරුක බලු සුරතලෙක් හදාගැනීමට උපකාරී වන ක්‍රමවේද රැසක් ඇය සතුයි. ඒ සියලු ක්‍රමවේද ඇය භාවිතා කරන්නේ අදාළ බලු සුරතලාගේ මනස හොඳින් වටහාගනිමින් බවත් ඇය සඳහන් කරනවා. ඇය  නැවත නැවතත් කියූ වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි බලු සුරතලුන් මිනිස්සුන්ට කියන්න හදන දේ තේරුම් ගැනීමට මිනිසුන්වත් පුහුණු කළ යුතු බව. 

කුඩා කාලයේ පටන්ම බලු සුරතලුන් හා සමීප ජීවිතයක් ගත කළ ඇයට කවදත් උවමනා කර තිබුණේ හැකි තරම් බලු සුරතලුන්ගෙන් පිරුණු ගෙදරක ජීවත් වීමයි. ඒ නිසාම ඇය මීට කාලයකට ඉහතදී Haven නමින් ලංකාවේ පළමු සහ එකම සුනඛයන්ටම වෙන්වුණු හෝටලය ආරම්භ කළා. 

දැනට ඇගේ නිවසේ ඒ කියන්නේ The Dog Lady’s House හි ඇය සතු සුනඛයන් අට දෙනකු ඉන්නවා. ඊට අමතරව වෙනත් අයගේ බලු සුරතලුන්වත් එහි නවත්වාගනිමින් ඔවුන්ට හොඳ පුහුණුවකුත් ඇය ලබාදෙනවා. 

I ධනූ
ඡායාරූප - you’re my favorite

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00