2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

හෝටලේ හිල්ටන් - කෑම කොරියන් හැබෑම කොරියානු ආහාර රසවිඳින්න

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

කොළඹ හිල්ටන් හෝටලයේ ඈත පෙරදිග ආහාර රස ගෙනෙන GRAZE KITCHEN අවන්හලේ මේ දිනවල සුවිශේෂී කොරියානු ආහාර වැඩසටහනක් පැවැත්වෙනවා. සැප්තැම්බර් 20දා ආරම්භ වුණු මේ කොරියානු ආහාර වැඩසටහන ඔක්තෝබර් 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. 

දකුණු කොරියාවේ සියොල් නුවර හිල්ටන් හෝටලයේ සිට පැමිණි කොරියානු සූපවේදීන් දෙදෙනෙකු මේ කාලය තුළදී සැබෑම කොරියානු ආහාර රස ලාංකිකයන්ට සමීප කිරීමට කටයුතු කරනවා. 

උණුසුම් සහ ශීත රාත්‍රී ආහාරවේල් සමඟම විවිධ අතුරුපස වර්ගත් මෙහිදී පිළිගැන්වෙනවා. කොහොම නමුත් වැඩිදෙනෙක්ගේ ආකර්ෂණයක් යොමුවෙලා තිබෙන්නේ මේ සූපවේදීන් දෙදෙනාගේ ප්‍රදර්ශන ඉවුම් පිහුම්වලටයි. ආහාර සැරසිලි වගේම ඉවුම් පිහුම් රටා බොහෝමයක් මේ පළපුරුදු සූපවේදීන් දෙදෙනාගෙන් දැකගන්න එහි ගියොත් හැකිවේවි. 

Modumjeon, La Galbila හා Kimchi Bokeum Bab වැනි ජනප්‍රිය කොරියානු ආහාර වර්ග රැසක් එහිදී රස විඳින්න පුළුවන්. මේ ආහාර වැඩසටහන රාත්‍රී 7 සිට 10.30 දක්වා විවෘතයි.