2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

Hit Tips

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

බී.එම්.අයි.සී.එච්. සුම්බා නර්තන

සැප්තැම්බර් 30 වැනි සෙනසුරාදා සවස 6 සිට කොළඹ BMICH හිදී ලංකාවේ විශාලතම ගෘහස්ථ ශරීර යෝග්‍යතා සාදය පැවැත්වෙනවා. ZUMBA SHINE 05 ලෙස නම්කරලා තියෙන මේ වැඩසටහනේදී සුම්බා නර්තනාංගයන් සමඟින් කැලරි දහනය කරගන්න හොඳ අවස්ථාවක් ලැබේවි. මේ සාදයට සහභාගිවිය හැක්කේ ක්‍රීඩා ඇඳුම්වලින් පමණක් වීමත් විශේෂත්වයක්. 

රෝහල් වීදියේ ආහාර සැණකෙළිය

සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 01 යන දෙදින පුරා  Fairway Colombo street food festival පැවැත්වෙනවා. කොළඹ කොටුව රෝහල් වීදියේ පැවැත්වෙන මේ ආහාර සැණකෙළිය පටන්ගන්නේ සවස 6ටයි. එතැන් පටන් වීදි ආහාර රුසක් රසවිඳීමේ අවස්ථාව උදාවෙනවා.