2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ජාවත්ත පාරෙන් හමන සැබෑ චීන කෑම සුවඳ Fenghuang Lou

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

අපි කතාවට කියන්නේ කොළඹ තරම් චීන අවන්හල් චීනෙවත් නැහැ කියලයි. නමුත් හොඳ චීන අවන්හලක් කොළඹින් හොයාගන්න එකත් ලේසි නැහැ. ජාවත්ත පාරේ පිහිටලා තියෙන ‘Fenghuang Lou’ අවන්හල ඒ වාගේ සැබෑම චීන ආහාර රස ලබාගන්න පුළුවන් අවන්හලක්.

චීන ආහාර කලාවේ සම්ප්‍රදායිකත්වයත් නවීනත්වයත් හොඳින් මුසු කරමින් ආහාර පිරිනමන නිසාම මේ අවන්හල වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. අවන්හලේ සේවක පිරිසේ සුහදශීලී ඇවැතුම් පැවැතුම් ඊට තවත් හේතුවක්. 

මේ අවන්හලේ ප්‍රධාන සූපවේදියා චීන ජාතිකයෙක්. ඒ නිසාම සැබෑ චීන ආහාර රසයට ඒ අයුරින්ම රැඳී තිබෙනවා.
Fenghuang Lou අවන්හලේ ජනප්‍රියම ආහාර තමයි, ‘Hot Butter Cuttlefish’, ‘Panko Prawns’, ‘Chili crab’, ‘Devilled Chicken’, Vegetable Spring rolls, ‘Seafood Dumpling’ සහ ‘Prawn Balls’. ඒ වගේම චිකන් ෆ්‍රයිඩ් රයිස්, ඉන්දුනීසියන් ෆ්‍රයිඩ් රයිස්, ඩෙවිල් ප්‍රෝන්ස්, Stir fry vegetables,  Sweet and Sour Fish තවත් එවැනිම ජනප්‍රිය ආහාර කිහිපයක්. 
 
ඡායාරූප - අමිල ගමගේ