2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

මීගමු වෙරළේ හෝටලේ දණ්ඩා Beacon Beach

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

පෘතුගීසි සමයේ පුංචි රෝමය විදිහට හැඳින්වුණු මීගමුව විශේෂයෙන්ම ජාත්‍යන්තර කුරුඳු මධ්‍යස්ථානයක් විදිහට විශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබුණා. මීගමුව කලපුවේ විශාලත්වය නිසාම ලොකු නැව්වලට පවා මීගමුවට පහසුවෙන් ළඟාවෙන්න හැකිවීම තමයි ඒකට ප්‍රධානම හේතුව. 

ඊට අවුරුදු පන්සීයයක විතර පස්සෙ ඒ කියන්නේ වර්තමානය වෙනකොට මීගමුව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සංචාරක කලාපයක් විදිහටයි. ඒ වගේම මීගමුවේ කතෝලික පසුබිමත් ඒ නිසාම නිර්මාණය වුණු පල්ලි හා ඒවා අතරින් දිවෙන කුඩා මාවත් නිසා මීගමුව අපේ රටේ සුවිශේෂී නගරයක් කීම නිවැරදියි. 

Beacon Beach කියන්නේ මේ ඓතිහාසික වගේම සංචාරකමය අතිනුත් වැදගත් තැනක් උසුලන මීගමුවට එකතු වුණු අලුත්ම සංචාරක හෝටලයක්. බුටික් හෝටලයක් වන මෙහි වෙරළබඩ නවාතැන්පොළක බලාපොරොත්තු විය හැකි සියලු ආකාරයේ සුවපහසුව වගේම නිස්කලංකතාවයත් හොඳින්ම දකින්න ලැබෙනවා. පෝරැතොට පාරේ පිහිටලා තියෙන මේ හෝටලය ඇතැම් විට මීගමුව වෙරළේ ඇති උසින් වැඩිම හෝටලය ලෙසත් හඳුන්වා දිය හැකියි.  හෝටලයේ හත්වැනි මාලයේ පිහිටා තිබෙන ස්කයි අවන්හල අවට පරිසරයේ සුන්දරත්වය විඳින්න හොඳම තැනක්. 
එළිමහන් පිහිනුම් තටාකයක්, උත්සව ශාලා පහසුකම් මෙහි අන්තර්ගතයි. කාමර ගැන කතාකරද්දි සියලු කාමර මුහුද දෙසට මුහුණලා පිහිටා තිබෙනවා. ඒවායේ පෞද්ගලික බැල්කනි පිහිටා තිබෙන්නේ වැඩි සෞන්දර්යාත්මක අත්දැකීමක් හිමිකරදෙමිනුයි.  මීට අමතරව සැටලයිට් ටීවී, මිනි ෆ්‍රිජ්, තේ සහ කෝපි සැදීමේ පහසුකම් ආදියත් පවතිනවා. 

ඒ වගේම 140 දෙනකුට පහසුවෙන් සේවා සැපයිය හැකි උත්සව හා සම්මන්ත්‍රණ ශාලාවකුත් එහි අඩංගුයි. ආයතනික රැස්වීම් සුහද හමු ආදියට එය හොඳින් ගැලපෙනවා. 

Beacon Beach හෝටලය පුළුල් පරාසයක ආහාරපාන පිරිනමනවා. දේශීය ආහාරපාන වගේම චීන, ඉන්දියානු හා වෙනත් ආසියානු ආහාර රටාවනුත් බටහිර ආහාර වර්ගත් එහිදී රස විඳින්න පුළුවන්. ‘Dine under the stars’ නමින් පිහිනුම් තටාකය අසල රාත්‍රී ආහාර වේලක් රස විඳීමේ අවස්ථාවත් එහි පැමිණෙන සංචාරකයන්ට හිමිවෙනවා. 
සංචාරකයන්ගේ කැමැත්ත පරිදි මීගමුව අවට විවිධ සවාරි සූදානම් කරදීමටත් හෝටල් කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. මුහුද හා බැඳුණු ජලක්‍රීඩා වගේම මුතුරාජවෙල බෝට්ටු සවාරි ආදිය ඒ අතර විශේෂයි. මීගමුවේ සුපක්‍රට ලන්දේසි ඇලේ බෝට්ටු පදින්න පවා කටයුතු සූදානම් කරදෙනු ලබනවා. 

♦ සනත් වීරසූරිය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00