2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මොරටු සරසවියේ FEEL LANKA බොල්ගොඩ ජල ක්‍රීඩා

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

මොරටුව විශ්ව විද්‍යාලයේ අයිසැක් ජාත්‍යන්තර සංවිධානය විසින් සංවිධානය කරන FEEL LANKA සංචාරක ව්‍යාපෘතිය යටතේ බොල්ගොඩ ජලාශය ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් රැසකට විදේශීය සරසවි සිසුන් පහුගියදා එක්ව සිටියා. විදේශීය තරුණ ප්‍රජාව අතර අපේ රට සංචාරක ගමනාන්තරයක් ලෙස ජනප්‍රිය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය හරහා මේ ආකාරයට වෙනත් රටවල සරසවි සිසුන් ඇතුළු තරුණ තරුණියන් ලංකාව පුරා විවිධ ස්ථාන රැසකට කැඳවාගෙන යමින් විවිධ ඉසව් සංවිධානය කෙරුණා.

මේ ආකාරයට බොල්ගොඩ ආශ්‍රිතව තිබුණු ක්‍රියාකාරකම් සංවිධානය කරතිබුණේ, Escapade by LVB හිදීයි. එහිදී Jet Ski, Speed Boat, Banana Ride සහ Tube Ride වැනි ජලාශ්‍රිත ක්‍රියාකාරකම් රැසක නිරත වෙන්න මේ අයට අවස්ථාව ලැබුණා. 

බොල්ගොඩ කියන්නේ මොරටුව ප්‍රදේශයේ සිට කළුතර අඟුරැවාතොට දක්වා වර්ග කිලෝමීටර 374ක් පුරා පැතිරැණු විශාල ස්වභාවික ජලාශයක්. මොරටු සරසවියේ FEEL LANKA ව්‍යෘපාතියේ සංවිධායකයන් අපේක්ෂා කරන්නේ අයිසැක් ජාත්‍යන්තරය හරහා බොල්ගොඩ අපේ රටේ ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටයි.