2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ගිනිබෝලයකින් පාපන්දු ගහන Fireball ක්‍රීඩාව

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

මේ කතාව රාමසාන් උත්සව සමයේදී ඉන්දුනීසියාවේ ජනප්‍රිය අරුම පුදුම ක්‍රීඩාවක් ගැනයි. මේ ක්‍රීඩාව සෑම අතින්ම පාපන්දු ක්‍රීඩාවට සමානයි. නමුත් එක ප්‍රධාන වෙනසක් තියෙනවා. ඒ තමයි මෙහිදී භාවිත කරන්නේ ගිනි ගන්නා පන්දුවක්. 

Fireball ලෙසින් හැඳින්වෙන මේ ක්‍රීඩාවට පන්දුව ලෙස යොදාගන්නේ පාම් ගසේ ගෙඩියකුයි. පාපන්දුවක් තරම් පාම් ගෙඩියක් භූමිතෙල්වල මිනිත්තු 30ක් පමණ ගිල්වා තිබුණම මේ ක්‍රීඩාවට යොදාගන්න පුළුවන්. පන්දුවේ ආලෝකය හොඳින් දිස්විය යුතු නිසා මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්නේ රාත්‍රි කාලයේදී පමණයි. 

පන්දුවට පහර දෙන්නේ පාවහන් ෙනාමැතිවයි. ඒ නිසා අනතුරු වෙන්නත් ඉඩ නැත්තෙ නැහැ. ඒ වගේම ඔවුන් මේ සෙල්ලමේ නිරත වෙන්නේ යම් වත්පිළිවෙත් කිහිපයක නිරතවීමෙන් අනතුරුවයි. තරමක් අනතුරුදායක ක්‍රීඩාවක් වුණත් ඉන්දුනීසියානු තරුණයන් කොලු ගැටයන් අතර මේ ක්‍රීඩාව ගොඩක් ජනප්‍රියයි.