2017 ජුලි 29 වන සෙනසුරාදා

HIt Tips

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

හික්කා සාදය

විනෝදයට බර අය වෙනුවෙන් මෙවරත් Rave Hikka සාදය හික්කඩුවේදී පැවැත්වෙනවා. අගෝස්තු 05 වැනිදා හික්කඩුව Chill Space Surfe Cafeé හි හවස 6ට පටන් ගන්න මේ සාදය අවසන් වෙන්නේ පහුවෙනිදා උදෑසන 6ටයි. DJ සංගීතයත් එක්ක සුන්දර හෝරා කිහිපයක් ගෙවන්න එහිදී හැකිවේවි.

දරුවන්ට විශේෂයි

නුගේගොඩ කිඩ්සම් පාසලේදී ඔබේ දරුවන්ට මේ උදාවන නිවාඩු කාලයේදී විනෝද ක්‍රියාකාරකම් රැසක නිරත වෙන්න අවස්ථාව තිබෙනවා. Kidsdom Holiday Favourites නමින් නම්කරලා තියෙන මේ වැඩසටහනේදී දරුවන්ගේ නිවාඩු කාලය අර්ථාන්විතව ගෙවන්න හොඳ අවස්ථාවක් හිමිවෙනවා. කණ්ඩායම් ක්‍රියාකාරකම්, විනෝද ක්‍රීඩා වැනි බොහෝ දෑ අන්තර්ගතයි. මුහුණුපොත හරහා වැඩි තොරතුරු ලබාගන්න පුළුවන්.