2017 ජුලි 15 වන සෙනසුරාදා

අලුත්ම තාලේ John Keells තරුපහේ කලා උළෙල

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

අඛණ්ඩව පස්වැනි වරටත් පැවැත්වෙන Cinnamon Colomboscope සංස්කෘතික ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් 1-6දක්වා පැවැත්වීමට නියමිත යි. EUNIC (European Union National Institutes for Culture) හා සිනමන් හෝටල් හා රෙසෝර්ට්ස් එක්ව සංවිධානය කරන මෙහිදී පරිසරයේ වටිනාකම පෙන්වන දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙනවා.

Cinnamon Colomboscope ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ ආකාරයේ එකම නූතන කලා උළෙලයි. “අපේ අභිප‍්‍රාය වන්නේ කොළඹ නගරය කලා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස මෙම කලාපයේ සිතියමේ සටහන් කිරීම සහ අපේ වර්ධනය වන ආගන්ගතුකයන් සඳහා අනාගතය දෙස බැලීම සඳහා විශිෂ්ට උළෙලක් සෑම වසරකදීම ලබා දීමයි” යනුවෙන් John Keells සමූහයේ උප සභාපති දිලිප් මුදදෙණිය මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. 
දින 6ක කාලයක් පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශන ඉසව්ව විවිධ වැඩසටහන් රාශියකින් සමන්විතයි. කලා ප්‍රදර්ශන මෙන්ම අලුත් නිෂ්පාදන, පරිසර හිතකාමීත්වය වගේ බොහෝ දේවල් ගැන සාකච්ඡා සංවාද, චිත්‍රපට ආදියත් එහිදී පැවැත්වෙනවා. මෙවර උළෙලේ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරන්නේ ලෝක ප්‍රකට කලා ඉසව් සංවිධායිකාවක වන වැන්ඩර් පූර්ටන්. ලන්ඩනයේ විශාලතම ආසියානු කලා උළෙල වන Lamberth Mela සංවිධානය කරන්නේත් ඇයයි.

මෙම උ‍ළෙලේ විශේෂත්වයක් තමයි සැප්තැම්බර් මාසයේ මුල් සතියේදී කොළඹ නගරය නූතන සංස්කෘතික කලා අංග හරහා ප්‍රසිද්ධියට පත්කිරීම. ලංකාවේ සංචාරකයින්ට වගේම විදෙස් සංචාරකයින්ටත් කොළඹ නගරයේ සංස්කෘතික වටිනාකම් ගැන වගේම පරිසරය ගැනත් අලුතින් හිතන්න මේ උළෙල වැදගත් වේවි.

♦ රජිත 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00