2017 ජුලි 08 වන සෙනසුරාදා

ධනවතකුවීම කේන්දරයෙන් පෙන්වයි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3159

කවුරුත් ධනවතුන් වීමට කැමැතිය. මෙලෙස ධනවතුන් වන අයගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති අයුරු නිරීක්ෂණය කිරීමට සිදුවේ. එසේම උප්පත්ති කේන්ද්‍රයේ ධනයෝග නොදැක්වුවද පසුව විවිධ අවස්ථාවල සිදුවන ග්‍රහ වෙනස්වීම් නිසා ධනවතකු වන මගට අවතීර්ණ වේ. එසේම ඇතැමුන්ට ජන්ම කේන්ද්‍රයේ ධනවතකු වන ග්‍රහයන් පිහිටා තිබුණද පසුව සිදුවන වෙනස්කම් නිසා එම අවස්ථා ගිලිහී යයි. මෙවැනි අයගේ ව්‍යාපාර අතරමග කඩා වැටීමකට ලක්වනවා ඇත. ආරම්භ කළ ව්‍යාපාර ටික කලක් හෝ බොහෝ කාලයක් නතරව සිට යළි ආරම්භ කර දියුණුවට පත්වීමට හැකිවන අයද සිටී.

අපි දැන් ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කේන්ද්‍රය විමසා බලමු.

මෙම වෘශ්චික ලග්න කේන්ද්‍රය දකුණෙන් පැමිණි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේය. මොහු ව්‍යාපාර ලෝකයේ විවිධ අංශවල තම ආධිපත්‍යයන් විහිදුවා ඇත. එය දෙස් විදෙස් දක්වාම ව්‍යාප්ත වී තිබේ.

වෘශ්චික ලග්නයේ (9:46) උපත ලබා ඇති මොහු කුජ ස්වක්ෂේත්‍ර බලයෙන් රාහු සමග බුදගේ නැකතේ යෝග වී ඇත. එම බුද ස්වක්ෂේත්‍ර රවි සමග 10 වැන්නේ ප්‍රබල යෝගයක් යෙදී තිබේ. කුජ 1,6 අධිපතියාය. බුද 8 සහ 11 අධිපතියාය. මේ අනු ලග්නයේ බලය 1,6,10 සහ 11 හරහා විහිදී ඇත. මෙය ඕනෑම ව්‍යාපාරයක් හෝ අති බැරූරුම් කටයුත්තක් තනියම හෝ පාලනය කරගත හැකි පිහිටීමකි.

වෘශ්චිකයට 2,5 අධිපතියා ගුරුය. ගුරු ධනකාරක ග්‍රහයාද වේ. ඊට අමතරව මෙහි 2කේ උප අධිපතියාද වේ. එම ගුරැ භාග්‍යස්ථානයේ සිටින ශුක්‍රගේ නැකතේ 11 පති වශයෙන් 10යේ සිටින බුදගේ උපස්ථානයේත් ඇත. 9 ප්‍රතිවාදියාට ලාභගෙන දෙන භාවයක් වුවද, ප්‍රබල ගුරු මෙම නැකතේ සිටීමෙන් භාග්‍යය ඉස්මතු වෙයි. විදේශවලද නම සුපතල වෙයි. ගුරුට 6යේ සිටින යුරේනස්ගෙන් ප්‍රබල ත්‍රිකෝණයක් ඇත. යුරේනස් ධනකාරක ග්‍රහයන්ට හා භාවයන්ට සම්බන්ධවීම ධනය මනා පරිමාණයෙන් වර්ධනයවීම පෙන්වන පිහිටීමකි. ගුරු 11 වන භාව ස්පුටයට (104) දෘෂ්ටියක් දෙන අතර 10යේ රවිට සහ බුදට ප්‍රබල ත්‍රිකෝණයක්ද දෙයි.

ලග්නයේ කුජ සහ රාහුට 9යේ ශුක්‍රගෙන් ත්‍රිකෝණ දෘෂ්ටියන් වැටීමෙන් අසීරු අවස්ථාවලදී බේරීමට දේව පිහිට ඇත. (9ය වෘශ්චිකයට බාධකස්ථානය වුවත් දීර්ඝ ආයුෂ ඇත්නම් වරින්වර සෞඛ්‍යට හානි කරමින් හෝ ජීවත්වන තුරා කාර්ය ඉෂ්ට කරදෙයි මෙහි ශුක්‍ර සිටින්නේ 10 වැන්නේ සිටින බුදගේ නැකතකය.

10 යේ රවි, බුද, රවිගේ නැකැත්වල සිටීමෙන්ද ලග්නයේ කුජ, රාහු 10යේ සිටින බුදගේ නැකත්වල සිටීමෙන්ද, කර්මස්ථානයේ බලවත්කමට අමතරව ආයුෂ යෝගයකටද, දායක වී ඇත. (10 වෙනි භාවය ග්‍රහයන් කීපදෙනකු විසින් නිවේදනය කිරීමද. ආයුෂ යෝගයකි)

11හේ නැකත් අධිපති මෙන්ම උපපතිද සඳුය. සඳු - ගුරු ස්වක්ෂේත්‍රව සිටීමෙන් හින්දු ජ්‍යොතිෂයේ එන ගජකේෂරී රාජ යෝගයද පෙන්වයි. එම සඳු 9 අධිපති සහ 11හේ නැකැත් අධිපතිද වෙයි. එම සඳු ගුරු සංයෝගය (යෝගයකට වඩා අංශක 24 දෘෂ්ටියකි) එම සඳු කේතුගේ නැකතේත් ශුක්‍ර උපස්ථානයේත් ඇත. කේතු 1,6 අධිපති කුජගෙන් දෘෂ්ටියක්ද ලබයි. කේතු සිටින රාශිය අධිපති ශුක්‍ර 7,12 අධිපති වශයෙන් 9යේ සිටියි. සඳු 2කේ (රාශිය) භාව වශයෙන් ලග්නයෙන් ගුරුගේ 2කේ ප්‍රතිඵල ගෙන දෙයි. කේතු 2කේ නැකැත් අධිපතියාද වේ.

මේ අනුව සඳු 1,6,11,9,7,12 සහ 2 යන භාවයක් නිවේදනය කරයි. මෙහිදී 7,12,9 ප්‍රබලව නිවේදනය වීමෙන් මෙම ව්‍යාපාරය ජාත්‍යන්තරය කරා විහිදී යාමද පෙන්වයි.

දුෂ්කරතා මැද, තර්ජන ගර්ජන මැද මෙම ව්‍යාපාරයද අධික පිරිසකින් හා දැඩි උත්සාහයකින් ඉදිරියට ගෙන ගිය එකකි. සඳුට ශනිගෙන් චතුරශ්‍රයෙන්ද, රවි සහ බුදගෙන් 10යේ සිට චතුරශ්‍රයෙන්ද ඒ බව පෙනී යයි. ලග්නයද ස්වක්ෂේත්‍ර බලයෙන් හෝ පාපීන් රජ කිරීමෙන් මේ බව සනාථ වේ. ශනිද 11 වන භාවස්පුටයට සප්තමයක් දීමෙන් දීර්ඝකාලීන සැලසුම්, තාවකාලික පසුබැසීම් මැද මහත් ආයාසයෙකින් ඉෂ්ට කර ගැනීම පෙන්වයි.

1970 දශකයේ මුල් භාගයේ ව්‍යාපාරය ඉතා සුළු මුදලක් යොදවා සුළුවෙන් පටන් ගන්නා විට මොහු ගත කරමින් සිටියේ සඳුගේ මහ දසාවයි. 1994-2003 දක්වා තත්ත්ව සහතික ලබන විට කුජ සහ රාහු මහ දසා ගෙවමින් තිබුණි.

2006 දී සුපිරිතත්ත්ව සම්මානය ලබන විට ගුරු මහා දසාව ගෙවමින් සිටියේය. විවිධ ප්‍රසිද්ධ ආයතනවල ගරු තනතුරු ලබන විට රාහු මහ දසාවේ සිටියේය.

1990-2002 දක්වා ගරු නම්බුනාම පදක්කම් ආදිය ලබන විටද රාහු මහ දසාවේ සිටියේය. මොහු බොහෝ නිෂ්පාදනවලට පේටන්ට් බලපත්‍රයද විදේශ රටවලින් පවා ලබා ඇත. එපමණක් නොව මොහුගේ පරිත්‍යාගශීලීත්මය විවිධ ක්ෂේත්‍ර වෙත විහිදාලූ ශුභසාධන කටයුතුවලින්ද පෙනේ.

ජ්‍යොතිර්වේදී පානදුරේ රෝහන් වීරරත්න
දුම්රියපල පාර (සිතුමිණ)
භාව උපපතින්
01 - ශු ඉ    05 - ශුක්‍ර    09 - බුද
02 - ගුරු    06 - ශනි    10 - ගුරු
03 - කේතු    07 - ශුක්‍ර     11 - සඳු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00