2017 ජුනි 24 වන සෙනසුරාදා

මැජෙස්ටික් ප්‍රින්සස් නැවේ ලෝකයේ කෑම රාක්ක මැදින්..

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 157

සංචාරක ලෝකයේ සුඛෝපභෝගීම අත්දැකීමක් තමයි නෞකා සංචාර කියන්නෙ. නෞකා සවාරි මේ වෙද්දි ලෝකෙ පුරා ධනවත් සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒ වගේ ධනවත් සංචාරකයින් පුරවගත් ලෝක‍යේ තියෙන සුඛෝපභෝගීම නැවක් කොළඹ වරායට පැමිණියා. ඒ තමයි මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව.

යුරෝපයේ ඉඳන් චීනය බලා ගමන් ගනිමින් තිබුණු මේ නෞකාවේ රසබර ආහාර අත්දැකීමක් විඳගන්න අපට පුළුවන් වුණා. සුඛෝපභෝගී නෞකාවක් නිසාම මෙහි කෑම බීම පිළිගැන්වෙන්නේ තරු පහේ හෝටලයක් විදිහටමයි. කිසි වෙනසක් නැහැ. ඒ වගේම ලෝකයේ සෑම ආහාර රටාවකටම වගේ පිළියෙල කරපු ආහාර එතැන තිබුණා. 

අවන්හල් කිහිපයක්ම නැවේ තිබුණත් ඒ අතරින් විශේෂම තැනක් විදිහට WORLD FRESH MARKETPLACE හඳුන්වන්න පුළුවන්. එතැන නැති කෑමක් නැති තරම්. චීන, ඉන්දියානු, ඉතාලියානු, ජර්මානු, බ්‍රසීල, ස්පාඤ්ඤ ඉංග්‍රීසි, ජපන්, ප්‍රංශ වගේ හැම කෑම ජාතියක්ම එතැන තිබුණ විතරක් නෙමෙයි, ඒවා ලස්සනට ඉදිරිපත් කරලත් තිබුණා. 
හරියට සුපිරි වෙළෙඳසලක රාක්ක අතරින් ඇවිද යනවා වගේ ඒ ඒ ආහාර රටාවන් පිළිගැන්වෙන කුඩා කුටි අතරින් ඇවිද යන එක හරිම චමත්කාරජනක අත්දැකීමක්. ඒ සෑම කුටියකම ඉන්න කෝකිවරයා ඒ කෑම ගැන අහන ඕනම ප්‍රශ්නයකටත් උත්තර දෙන්න සූදානම්. 

මීට අමතරව La Mer කියන ප්‍රංශ අවන්හලත් Harmony චීන අවන්හලත් Crown grill Bar අමෙරිකානු අවන්හලත් හොඳ උසස් ආහාර රසයක් එහිදී ලබාදෙනවා. ඒ විතරක් නෙමේ, කැලිෆෝනියාවේ සුප්‍රකට නැපෑ වැලි වයින් මෙහිදී පිරිනැමෙනවා. 

I රජිත
සේයාරූ - සුමුදු

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00