2017 ජුනි 17 වන සෙනසුරාදා

HIT TIPS

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

හමුදාවේ පුංචි පුහුණුවකට කැමතිද?

ජුනි 24/25 සහ 26 කියන දවස් තුන පුරාවට පුංචි හමුදා පුහුණුවක් ලබාගන්න අවස්ථාවක් උදාවෙලා. බෙලිහුල්ඔය හමුදා කඳවුරේ පැවැත්වෙන Survival Course කියන මේ වැඩසටහනට එකතු වෙන්න කැමැති කෙනෙක්ට 0777307758 දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර ලබාගන්න පුළූවන්. දුෂ්කර මාවත් දිගේ ඇවිද යාම, දියඇලි තරණය, විවිධ ගැට වර්ග ගැන ඉගෙන ගැනීම ආදී බොහෝ දේ මේ කඳවුරේදී ලබාගන්න පුළුවන්. 

සමන්ත පෙරේරාගේ නාද තීර්ථය

ලංකාවේ ඉන්න ප්‍රවීණ සංගීතවේදියෙක් වන සමන්ත පෙරේරාගේ තිස් වසරක සංගීත අත්දැකීම් සමඟ එන නාද තීර්ථ සංගීත ප්‍රසංගය ජුනි 30 පැවැත්වෙනවා. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන මේ ප්‍රසංගයේදී හුදෙක් ගීත විතරක් නෙමේ සංගීත ඛණ්ඩ රැසක් රසවිඳින්න හැකිවේවි. 

ව්‍යායාම දෙකක අපූරු වැඩසටහන

දිවීමත් ඇවිදීමත් කියන්නේ අපේ නීරෝගීකමට හේතුවන ව්‍යායාම දෙකක්. ඉතින් මේ ව්‍යායාම දෙක එක්තැන් කරගත් අපූරු වැඩසටහනක් ජුනි 25 වැනිදා පැවැත්වෙනවා. Colombo City Runinig යනුවෙන් නම් කරලා තියෙන මේ වැඩේ සංවිධානය වෙන්නේ නිදහස් චතුරස්‍රය අසලින් 25 වැනිදා උදේ 6.30ටයි. නොමිලේ ඕන කෙනෙක්ම මේ වැඩසටහනට ලියාපදිංචි වෙන්න පුළුවන්.