2017 ජුනි 17 වන සෙනසුරාදා

සොර සැමියන් සොයා යන කතුන් හඳුනාගනිමු

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

සමාජයේ මෙම වකවානුව තුළ අසන්නට ලැබෙන සුලබ සිදුවීමක් ලෙස තම සැමියාට හොර රහසේ වෙනත් පුරුෂයන් වෙත ගොස් කායිකව සම්බන්ධකම් පවත්වන්නා වූ කාන්තාවන් සහ සැමියාගේ දැනුවත්කම මත වෙනත් පුරුෂයන් සමඟ අනියම් සම්බන්ධකම් පවත්වන කාන්තාවන් පිළිබඳව සිද්ධිය වේ. සමහර සම්බන්ධතාවයන් හේතුවෙන් තම ස්වාමිපුරුෂයාව ඝාතනය කිරීම් පිළිබඳවත් මෙම වකවානුව තුළ අසන්නට ලැබේ. එසේ තම ස්වාමිපුරුෂයාගේ ආදරය ලබද්දී වෙනත් පුරුෂයන් සොයා යන්නා වූ කාන්තාවන්ගේ ජන්ම පත්‍ර තුළින් එසේ යාම සිදුවන බව කල්තියා හඳුනාගත හැකි වන්නේය.

කිසියම් හෝ කාන්තාවක් මෙලොව උත්පත්තිය ලබන්නා වූ මොහොතේදී පවතින්නා වූ ග්‍රහ තත්ත්වයන් අනුව විමසා බැලීමේදී සත්වැන්නෙහි අඟහරු හා සෙනසුරු තැන්පත්ව සිටියදී රවි ග්‍රහයාත් තැන්පත් වූයේද සිකුරුට අයත් වූ රාශියක් විද එසේ උත්පත්තිය ලබන්නා වූ ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයා හැරදා වෙනත් පුරුෂයකු කරා යනු ඇත. එලෙසම සිංහ ලග්නයෙන් හෝ වෘෂභ ලග්නයෙන් හෝ කුම්භ ලග්නයෙන් උත්පත්තිය ලබා සිකුරු අඟහරු සෙනසුරු සත්වැන්නෙහි තැන්පත් වූ විටද කිසිදු ශුභ දෘෂ්ටියකට ලක්නොවී සිටීනම් තම සැමියාට අමතරව වෙනත් පුරුෂයන් සොයා යන තැනැත්තියක් වන්නේය.

තවද තුලා හෝ වෘෂභ රාශියක් අටවැන්න වී එනම් තුලා ලග්නයෙන් හෝ මීන ලග්නයෙන් හෝ උත්පත්තිය ලබා රාහු හා සෙනසුරු සමඟ අඟහරු තැන්පත් වූයේද එසේ උත්පත්තිය ලබන ස්ත්‍රිය තම කුලයටද පවුලටද නිගාදෙමින් පරපුරුෂයන් වෙත යනු ඇත. නමුත් ඉහත යෝගය වෙත කිසියම් ආකාරයක ශුභ ග්‍රහ දෘෂ්ටියක් එල්ල වන්නේද එම අශුභ දුරුකර යහපත් තැනැත්තියක් වන්නේය.

මේෂ හෝ වෘෂ්චික රාශිගතව සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියේද වෘෂභ හෝ තුලා රාශිගතව අඟහරු ග්‍රහයා තැන්පත් වූයේද එසේ උත්පත්තිය ලබන ස්ත්‍රියද තම ස්වාමියාට හොරා වෙනත් පුරුෂයන් පතයි.

සියලු ශුභ ග්‍රහයන් බලවත් වෙමින්ද සෙනසුරු ග්‍රහයා බලවත්ව සත්වැන්නෙහි තැන්පත් විද සඳු හා බුධ දුර්වලව තිබියදී රාහු අඟහරු රවි ලග්නගතව තැන්පත් විද බලවත් වූ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිය එල්ල නොවේද තම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීමට වුවද පසුබට නොවන කාන්තාවක් වන්නේය. කෙසේ වෙතත් ඉහත ග්‍රහ යෙදුම් යෙදුණු පමණින්ම එම ස්ත්‍රිය වෙනත් පරපුරුෂයන් සොයා යන තැනැත්තියක් බවට එක එල්ලේ තීරණය කිරීම සිදුනොකළ යුතු අතර එම අශුභ ග්‍රහ යෙදුමට එල්ල වන්නාවූ ග්‍රහ දාෂ්ටි කෙරෙහිද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමසිංහ
ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00