2017 ජුනි 10 වන සෙනසුරාදා

රසම රස කිරි තේ එකකට Tea Avenue

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටලා තියෙන Tea Avenue කියන්නේ ලංකාවේ තේ ප්‍රමුඛ කරගත් අවන්හලක්. තේ කර්මාන්තයේ දශක ගණනාවක අත්දැකීම් තියෙන පවුලේ ව්‍යාපාරයක් විසින් මෙහෙයවෙන Tea Avenue ඇත්තෙන්ම සුවිශේෂී රස අත්දැකීමක් ඔබට සමීප කළ හැකි තැනක්. 

දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලය වඩාත් ඉඩකඩ සහිතව කාමර ආකාරයෙන් නිර්මාණය කර තිබෙන්නේ කුඩාප්‍රිය හමු සාදවලටත් ගැලපෙන ආකාරයටයි. සුවපහසු ආසන සහිත වායුසමීකරණය කළ අවන්හලේදී අපේ රටේ විවිධ තේ රස අත්විඳින්න පුළුවන්. කොයිතරම් තේ වර්ග තිබුණත් ඔවුන්ගේ රසවත්ම පිළිගැන්වීම විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කිරි තේකයි. ඔවුන්ටම අනන්‍ය වූ රසයක් කිරි තේකෙන් ලබාදෙන්න Tea Avenue සමත්වෙලා තියෙනවා. 

ඔවුන්ගේ ප්‍රධානම පිළිගැන්වීම තේ වුණත් ඉතාම රසවත් අයිස් කෝපි එකකුත් මෙතැනදී රසවිඳින්න පුළුවන්. තේ කෝපි හැරුණු විට විවිධ පළතුරැ යුෂ වර්ගත් පිළිගැන්වෙනවා. තමන්ට කැමැති ලෙස සීනි යොදාගත හැකි ලෙස සීනි සිරප් එකත් සමඟයි යුෂ පිරිනැමෙන්නෙ. ආහාර වර්ග අතර ඉංග්‍රීසි පන්නයේ සහ ඉතාලි ආහාර තිබෙනවා. පැස්ටා, ස්පැගටි, ලසන්යා වගේම වොෆ්ල්ස්, ඉංග්‍රීසි බර්ගර් වගේ කෑමත් තිබෙනවා. චිකන් සහ බිත්තර සමග විස්කෝතු මුසුවුණු රසවත් සලාදයකුත් ඔවුන්ගේ මෙනුපතේ අඩංගුයි. 

මිතුරන් පිරිසක් සමඟ සුහද පිළිසඳරක යෙදෙන්න වගේම ආදරවන්තයින්ට වුණත් හොඳ වටපිටාවක් සහිත තැනක් විදිහට Tea Avenue හඳුන්වන්න පුළුවන්. 

රජිත