2017 ජුනි 10 වන සෙනසුරාදා

ලංකාවෙ ටජ්මහලේ අපූරු උමං මාර්ගය Mount Lavinia Hotel

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 249

ගල්කිස්ස මහ හෝටලය කියන්නේ බිඳුණු ආදර කතාවක ඉතිහාසයත්, රසවත් ආහාරපානත් උණුසුම් ආගන්තුක සත්කාරයක් එකට එක් කරපු තැනක්. මේ කියන්න හදන්නේ ගල්කිස්ස හෝටලයට නිතර යන එන ඔබේ ඇස නොගැටුණු අප්‍රකට තැනක් ගැනයි. ඒ තමයි ආදරයෙන් පැරදුණු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා හදපු උමං මාර්ගය. 

අද ගල්කිස්ස මහ හෝටලය ලෙස නිර්මාණය වී තිබෙන්නේ 19 වැනි සියවසේ මුල් කාලෙදි ලංකාවෙ හිටපු ආණ්ඩුකාරවරයෙක් වන තෝමස් මේට්ලන්ඩ්ගේ මන්දිරයයි. අවුරැදු 210කට වැඩි ඉතිහාසයක් තියෙන මේ ගොඩනැගිල්ලේ විශේෂත්වයත් එවකට හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ ලංකාවේ හිටපු නාටිකාංගනාවක් වන ලැවීනියා අතර තිබුණු ආදර සම්බන්ධයයි. ඒ ආදරය නිසාම ලැවීනියා ජීවිතයෙන් සමුගත් බවත් කියවෙනවා. 

ලංකාවේ ටජ්මහල විදිහටත් ගල්කිස්ස මහ හෝටලයේ උමං මාර්ගය ගැන අපිට කල්පනා කරන්න පුළුවන්. ගල්කිස්ස හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරය ළඟින් ආරම්භ වන ඔහු හැදූ මේ උමං මාර්ගය අඳුරැ සහ කුඩා එකක්. දෙකට නැමීගෙන තමයි ඒ හරහා යන්න වෙන්නෙ. ඒක කෙළවර වෙන්නේ තවත් අඳුරු කුටියකිනුයි.  අතීතයේදී මේ උමං මාර්ගය අසල පිහිටි ලැවිනීයාගේ නිවස දක්වා විහිදුණා කියලයි දැනගන්න ලැබෙන්නෙ. 

මීට අමතරව ගල්කිස්ස හෝටලයේ අවුරුදු සිය ගණනක ඉතිහාසය එකතු කරපු කෞතුකාගාරයකුත් තිබෙනවා. ඊට ලැවීනියාගේ චිත්‍රයකුත් ඇතුළත්. ඒ වගේම හෝටලය ආරම්භ වුණායින් පස්සේ එදා ඉඳන් අද දක්වා හෝටලයේ මෙනූ පත වෙනස් වුණු ආකාරය, විවිධ ඡායාරෑප බොහෝමයක් එතැන තිබෙනවා.

ධනූ
ඡායාරූප -  - You're My Favorite 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00