2017 ජුනි 10 වන සෙනසුරාදා

සිකුරාදා නෑවොත් දරුඵල සුන්?

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 151

ශ්‍රී ලාංකික අතීත හෙලයා වසර සියයක ආසන්නය දක්වා නීරෝගීව ආයු විඳි බව ඉතිහාසය කියයි. එමෙන්ම දරුවන් දස දෙනෙකු පමණ බිහිකර හදා වඩාගත් පවුල් ඒකක සංඛ්‍යාවද අධික බව පැවසේ. පේදුරු තුඩුවෙන් වහලට නැංග කුකුලා දෙවුන්දර තුඩුවේ නිවසේ වහලෙන් බිමට බැස්ස බව මහාවංශය කියයි. මෙසේ ශක්තිමත් නීරෝගීමත් ජන පිරිසක් ජීවත්වීමට ස්නානය සඳහා නිවැරදි දිනයන්ද තෝරා බේරාගෙන තිබීම එක හේතුවක් වියහැක. ලෝකයේ වඳවෙන ජාතීන් අතර සිවුවන ස්ථානයේ සිටින සිංහල ජාතිය තව ටික කලකටවත් රුකගැනීමට නම් ඔබත් හනමිටි අදහස් යයි ඉවත නොදමා චිරාගත චාරිත්‍රවලට නතුවන්න.

අඟහරුවාදා නාන අය රෝගීවීම වැඩියි

අඟහරුවාදා දවස කුජ ග්‍රහයාට නියම කර ඇති දිනය වන්නේය. එදිනට වෙනදාට වඩා සත්ව ශරීරයේ රුධිරය උෂ්ණවී පවතී. කුජ ග්‍රහයාගෙන් විනාශකාරී කිරණ පිටවන පැත්ත සූර්යයා දෙසටම හැරී තිබෙන කාලයේදී සූර්යය කිරණ සමඟ සම්මිශ්‍රණය වූ කිරණ පෘතුවියට ළඟාවන අඟහරුවාදා දිනයක් යෙදුනහොත් වෙනදාට වඩා එකී විෂ කිරණ පීඩනයෙන් ජීවීන් වෙලාගනී. මේ තුළින් උණුසුම් වී පවතින ශරීරය ස්නානය කරවීමෙන් වාතය - පිත - සෙම යන ත්‍රිධාතුව අසමතුලිත වන්නේය. එය ශරීර අභ්‍යන්තරයේ විවිධ සියුම් සෛල පුපුරා යාමට හේතුවේ. කාලයක් තිස්සේ මෙසේ වූ විට ඡන්මියා රෝගියෙක් වෙයි. හඳුනාගත නොහැකි රෝගවලින් පීඩාවිඳිනවා ඇත. වත්මන් ජනතාව මුහුණ දී සිටිනුයේ එකී භයානක ඉරණමටය.
මෙකී අති භයානක විෂ කිරණ නිකුත්වන්නේ සතියේ කුමන අඟහරුවාදාදැයි දැනගැනීම සාමාන්‍ය ජනතාවට අපහසු නිසා සෑම අඟහරුවාදා දිනකට ස්නානය කිරීමෙන් වළකින ලෙසට පැරුන්නන් නියම කරගත් බව පෙනේ.

සිකුරාදා නෑවොත් දරුවන් අඩුවෙයි

සිකුරාදා සිකුරුගේ දවසය. සිකුරු ශීතාධිත ජල ග්‍රහයෙකි. සිකුරිය වායු සහ පඨවි රාශීන්ට අධිපතිවේ. එමෙන්ම මනුෂ්‍ය ශරීරයේ ශුක්‍ර ධාතුවට ද අධිපතියාය. කළල පිළිසිඳීමක් සිදුකරනු ලබන ශුක්‍රාණු මැරීම සඳහා ජලයට මහා වේලාවක් ගත වන්නේ නැත.

සමස්ත ශරීරයම සිසිල් කරන ස්නානය නිසා නිෂ්පාදනය වන ශුක්‍ර විනාශ වී යාමේ තර්ජනය එල්ල වන්නේය. ස්ත්‍රී ශරීර අභ්‍යන්තරයට ඇතුළු වන ශුක්‍රානු පවා වහා විනාශ කිරීමේ බලය ජලය සතුයි.

මෙය ස්වාභාවික වන්ද්‍යාකරණයක්ද වන්නේය. දැන හෝ නොදැන හෝ දිගු කාලයක් තිස්සේ සිකුරාදා ස්නානය කිරීම නිසා දරැ උපත් හීන වීමෙන් සිංහල ජනතාවගේ බෝවීම අඩුවන බව කිවයුතුය. පවුලේ පිරිස් බලයට කැමති අය සිටී නම් දරු සම්පත වර්ධනය කරගැනීම සඳහා ඊට එරෙහි වන සියලු සාධක පාලනය කළ යුතුවේ.

අද තරම් නවීන විද්‍යාව දියුණු නැති අතීතයේ අත්බේත් සහ මෙවැනි උපක්‍රම භාවිත කොට තම පවුලට අදට වඩා සාමාජිකයින් බිහිකර ගෙන ඇත. ඒ නිසා සිකුරාදා දිනයේද ස්නානය කිරීමෙන් වැළකී තම පවුලට නුවනැති ශක්තිමත් දරුවන් එකතු කරගැනීමට උනන්දුවන්න. යහපත් සෞඛ්‍යයක් සඳහා අඟහරුවාදා සිකුරාදා ස්නානය නොකර දින පහක් ස්නානයේ යෙදීම හොඳටම ප්‍රමාණවත්ය.

ජ්‍යොතිෂ නන්නද සම්මානය ලත් 
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
ජ්‍යොතිර්විද්‍යා සහතික පත්‍රලාභී 
ජ්‍යොතිර්වේදී
ගාල්ලේ - තලගල - අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන