2017 මැයි 27 වන සෙනසුරාදා

මහනුවර කඳු බෑවුමේ දුම්බර දකින හෝටලේ Mahaweli Regent

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

ලංකාවේ වායු දූෂණය වැඩිම නගරයක් විදිහටයි මහනුවර නගරය සැලකෙන්නෙ. අවට කඳු වළල්ලකින් වටවෙලා බේසමක් වාගේ තියෙන මහනුවර නගර මධ්‍යය වාහන දුම්වලින් පිරී ගිහින්. හැබැයි මේ වායු දූෂණය මහනුවර හැමතැනටම පොදු නැති බව තේරුම් යන ආකාරයේ සුන්දර තැනක් අපට මුණගැහුණා. ඒ තමයි මහනුවර තල්වත්ත ප්‍රදේශයේ පිහිටලා තියෙන මහවැලි රීජන්ට් (Mahaweli Regent) හෝටලය. 

වැව රවුමේ ඉඳන් මහියංගණය පාරේ ලේවැල්ල හන්දියේ සිට තවත් ටිකක් ඉදිරියට ගියාමයි මේ හෝටලය දකින්න ලැබෙන්නෙ. ඇත්තෙන්ම හෝටලයේ වැඩ තවමත් සම්පූර්ණයෙන් අවසන් කර නැහැ. දැනට දෙමහල් හෝටලයේ තුන්වැනි මහලත් ලහිලහියේ ඉදිවෙනවා. ඒ වගේම හෝටලයට පිටුපසින් තිබෙන spice garden එකෙත් තව වැඩ කටයුතු ඉතිරි වී තිබෙනවා.

කොහොම නමුත් මහවැලි රීජන්ට් හෝටලයේ විශේෂත්වය ලෙස සලකන්න පුළුවන් කාරණය තමයි අපූරු භූමි දර්ශනය. හෝටලය පිහිටලා තිබෙන්නේ කඳූ බෑවුමකයි. ඒ නිසා හෝටලයේ ඉදිරිපසින් මැවෙන සුන්දර භූමි දර්ශනය සැතපුම් ගණනාවක් ඈත දුම්බර කඳුවැටිය දක්වා දිව යනවා. 

හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් අප කියපු විදිහට මීදුමින් තොර හොඳින් ඉර පායා ඇති දිනක දුරදක්නයකින් දුම්බර දෙස බැලීමේදී සතුන් පවා නිරීක්ෂණය කළ හැකියි.

හෝටලයේ දැනට කාමර 10ක් තිබෙනවා. ඒ සියල්ල වායු සමීකරණ, උණු ජලය, මිනි බාර්, සැටලයිට් ටීවී ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විතයි. මීට අමතරව වැඩි පිරිසකට නවාතැන් ගත හැකි Apartment පන්නයේ කාමර අංගයකුත් හෝටලයට ඇතුළත්. හෝටලයේ සෑම තැනකම භාවිතා කර තිබෙන පුටු සහ මේස ලී කොටන් ඇසුරු කරගෙන තනා තිබීමත් විශේෂත්වයක්. 

පිළිගැනීමේ කවුන්ටරය අසල තිබෙන බිලියඩ් පුවරුවත් සෑම කෙනකුගේම ආකර්ෂණය දිනාගැනීමට සමත්. බිලියඩ් පුවරුව අසලින් තවත් බැල්කනියක් පිහිටා තිබෙන්නේ පෙර කී සුන්දර භූමි දර්ශනය හොඳින් විඳගත හැකිවන අයුරිනුයි. 

 රජිත

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00