2017 මැයි 27 වන සෙනසුරාදා

චේගුවෙරාගේ සිතුවිලි

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

♦ මම වීරයෙක් යැයි බොහෝ දෙනෙක් කියති. එහෙත් මම ඉන් මඳක් වෙනස් වෙයි. සත්‍යය ඔප්පු කිරීමට සිරුර අවදානමකට ලක්කළ අයෙක් පමණි මා.

♦ බොහෝ දෑ පැහැදිලිය අහස සේ. එක් මනුෂ්‍යයකුගේ ජීවිතයේ වටිනාකම ලොව පොහොසත්ම මිනිසාගේ ධනයට වඩා වටින්නේය.

♦ සෑම දිනකම මිනිසාගේ කොණ්ඩය වර්ධනය වෙයි. ඇයි හදවත වර්ධනය නොවන්නේ?

♦ මම විමුක්තිය ප්‍රදානය කරන්නෙක් නොවෙමි. විමුක්තිය මිනිසා තමන් විසින්ම ළඟාකර ගත යුත්තකි. 

♦ විප්ලවයේ පළමු රාජකාරිය දැනුමින් සන්නද්ධ වීමයි.

♦ විප්ලවය ඉදී වැටෙන ඇපල් ගෙඩියක් නොවේ. ඔබ එය කඩාගත යුතුය.

♦ ලෝකය ඔබ වෙනස් කරන්නේ නම්, ඔබට ලෝකයත් වෙනස් කළ හැකියි.

වර්ෂ 1928 ජූනි 14දා වෙනියුලාවේ උපන් අර්නස්ටෝ චේගුවේරා, මාක්ස්වාදී ගරිල්ලා නායකයෙකි. වෛද්‍යවරයෙක් වූ ඔහු කියුබානු විප්ලවය ජයග්‍රහණය කරා ගෙනයාමට විශාල දායකත්වයක් දැක්වීය. තානාපතිවරයෙක් වශයෙන්ද කටයුතු කළ ඔහු පොත් කිහිපයක්ද ලියා තිබේ. ඔහුගේ මෝටර් බයිසිකල් දිනපොත සිංහලයටද පරිවර්තනය වී ඇත.
චේගුවේරා ඝාතනයට ලක්වූයේ 1967 දී බොලීවියාවේදීය.