2017 මැයි 20 වන සෙනසුරාදා

නාන්නත් BEER

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

බීර එහෙම නැත්නම් බියර් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පානයක් විදිහට විතරයි. හැබැයි සමහර බටහිර රටවල බියර් කියන්නේ සාමාන්‍ය පානයක් විතරක්ම නෙමෙයි. ඔවුන් නාන්නත් බියර් පාවිච්චි කරනවා. ඔස්ට්‍රියාව, චෙක් ජනරජය ඇතුළු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයකම බියර් නෑම මේ වෙනකොට ඉතාමත් ජනප්‍රිය දෙයක් බවට පත්වෙලා. 

සාමාන්‍ය වතුර පිරුණු ටබ් එකක බැහැලා නානවා වගේ බියර් පුරවපු ටබ් එකකට බැහැලා බියර්වල පෙඟෙන එකයි කරන්න තියෙන්නෙ. බියර්වල ස්වභාවයෙන්ම තියෙන පෙණ ගතිය නිසා සාමාන්‍ය සබන් වතුර පිරුණු ටබ් එකක පෙනුමක් තමයි දකින්න ලැබෙන්නෙත්.

කොහොම වුණත් බියර් නෑම ඇඟට ගුණදායකයි කියලත් කියැවෙනවා. යුරෝපයේ තියෙන මේ බියර් ටබ්වල අඩංගු පොටෑසියම්, මැග්නීසියම්, විටමින් බී, යකඩ, ප්‍රෝටීන් සහ සෙලෙනියම් සිරුරට හොඳ බවයි වාර්තා වෙන්නෙ. විශේෂයෙන්ම රුධිර සංසර්ණය ක්‍රමානුකූල වෙන්න, කුරුළෑ ඇතිවීම වළක්වා ගන්න වගේ දේවල්වලට මේ බියර් බාත් එක යුරෝපයේ ජනප්‍රිය වෙලා තියෙනවා.