2017 මැයි 12 වන සිකුරාදා

පැබ්ලෝ නෙරුඩා

 2017 මැයි 12 වන සිකුරාදා, පෙ.ව. 09:30 299

චිලියේ විප්ලවීය මහා කවියා වශයෙන් සැලකෙන නෙරුඩා චිලී විප්ලවයට උපදෙස් දුන් අතර චිලී සමාජවාදී රජයේ උපදේශකයකු ද විය. නෙරුඩාගේ කවි ලෝකය පුරා අදත් ප්‍රචලිතය. ඔහුට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමිවිය. චිලී රජයේ තානාපතිවරයකු වශයෙන් ලෝකයේ රටවල් රාශියකම සේවය කළේය. ඒ අතරට ශ්‍රී ලංකාවද අයත්ය. ඔහු 1929-30 වර්ෂවල ශ්‍රී ලංකාවේ සේවය කළ අතර නැවත 1950දී මෙරටට පැමිණියේය. නෙරුඩා මෙලොව හැර ගියේ 1973දීය. 

යාත්‍රා කරමි

ඔබ දන්නෙහිය එය කෙලෙසදැයි

මා බලා සිටියෙමි

පිවිතුරු සඳ මත 

රතු පැහැ අත්තක

හෙමිහිට ළඟාවන ගිම්හානය දෙස

මගේ ජනේලය අතරින්

මා එය ස්පර්ශ කළොත්

ගිලි පුලිගු අසල

අළු කඩා වැටෙන

පුපුරා හැලෙන සිරුරක් වනු ඇත

සියල්ල රැගෙන යන්නේ ඔබ වෙනුවෙනි

සියල්ලම දැනට මා සතු

සුගන්ධය, ආලෝකය, අබරණ

බෝට්ටුවක පටවාගෙන 

යාත්‍රා කරමි

ඔබ සිටිනා දිවයිනට

හනි හනිකට