2017 මැයි 13 වන සෙනසුරාදා

ඉතිහාසය අල්ලා ගනිමු

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මිහිකත පෙනෙන නොපෙනෙන හැම ඉසව්වකම තම අණසක පැතිරවූවෝ මිනිස්සුහ. මේ ලෝකය තව තවත් තවත තවත් ඉදිරියටම පවත්වා ගැනීමට රුචි නම් විනාශවෙමින් තිබෙන වර්තමානය අනාගතය උදෙසා සංවර්ධනය කළ යුතුය. ඒ සඳහා තැබිය යුතු පහසු සේම තැබිය යුතු පහසු පියවර වන්නේ අනාගත මනුෂ්‍ය පරම්පරාවන්ගේ පීතෘ පරම්පරාව වන මේ දරුවන්ගේ ඇස් පෑ‍ෙමය. කාගේදෝ දහමක දේශනාව පරිදි මේ ලෝකයේ මනුෂ්‍ය පරම්පරාවේ උපත මුල්ම මිනිසා සහ ගැහැනිය නම් අනාගත පරම්පරාවේ මුල්ම ගැහැනිය සහ මිනිසා මිල්කා සහ රනා යැයි සිතමින් ඔරේනස් මුව විවර කළේය. 

දරුවනි... ස්වභාවධර්මය නම් වූ දෙවියන් වහන්සේගේ පරමාර්ථය එය පවත්වාගෙන යාමය. මෙලොව ඇති සියලු ශාක හා සත්ත්ව ප්‍රජාවන් බිහි වූයේත්, ව්‍යාප්ත වූයේත් පැවැතෙමින් පවතින්නේත් ස්වභාවධර්මයේ තුල්‍යතාව රැකගැනීම උදෙසාය. මුවා ජිවත් වන්නේ සිංහයාගේ ආහාර පිණිසය. ගහ කොළ හැදෙන්නේ මුවාගේ ආහාරය පිණිසය. කිසිවක් සාධාරණ හෝ අසාධාරණ නැත. කිසිවක් කිසිවකට සාපේක්ෂද නැත. ඒ ස්භාවධර්මයේ නියමයයි. නීතියයි. දුර්වලතා පරාජයට පත්වීමද, ප්‍රබලයා ජයග්‍රහණය කිරීමද මෙහි පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය. 

ප්‍රබලයා පාගා මරා දුර්වලයා නගා සිටුවීමට මිහිමත කිසිදු අවශේෂ ජීවියෙකු උත්සාහ කළේ නැත. ඒ සඳහා උත්සාහ කළ එකම ජීවියා මිනිසාය. මාගේ ගුරුවරයාණන් වහන්සේගේ පෙද්ගලිකව මගේත් පිළිගැනීමේ හැටියට මිනිසා යනු ස්වභාවධර්මයා වරද්දන තැනය. මේ සක්වලෙහි තුල්‍යතාව බිඳ දැමූ එකම ජීවී කාට්ඨාසශය මිනිසා සහ උන්ට නෑකම් ඇති ඊට වැඩි දියුණු සක්වල ග්‍රහලෝක ජීවිහුය. එය ඉතා දීර්ඝ කතාවකි. අපේ මාතෘකාව ආදරය බලවත් අපි ඒ කතාව පසුවට තබා ආදරයට එමු. ජීවත් වන මිනිසාට වඩා නොදියුණු සෑම අංශුමාත්‍ර ජීවියකුගේ පටන් අති විශාල ජීවින් වීම උදෙසා බලපැවැත්වෙන එකම පරමාර්ථයක් වෙයි. එය නම් තමන්ගේ වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම යන්නයි. 

කුරා කුහුඹියාගේ පටන් අලි ඇතුන් දක්වා වූ ජීවීහු ජීවත් වන්නේ කුමකටද?

ඔරේනස් ප්‍රශ්නයක් විචාළේය. දෙදෙනාම නිහඬය

කුමකටද රානා...

ඔහු නොදනිතැයි හිස වැනුවේය. 

මිල්කා...

නොදනිමි ස්වාමිනී....

සියලුම ජීවිහු ජීවත් වන්නේ සංවාසය සඳහාය. උන් උන්ගේ ජිවිත කාලය පුරාම සිදුකිරීමට නියමිතව ඇත්තේත් හැකි පමණ තම වර්ගයා බෝ කිරීම සඳහා පැටවුන් බිහි කිරීමය. උන් ආහාර ගන්නේ, වාසස්ථාන තනාගන්නේ, ඒවා තුළ ළඟින්නේ පැටවුන් බෝ කිරීම නැමැති ප්‍රධාන කර්තව්‍ය වඩාත් පහසු කර ගැනීම උදෙසාය. මොලය නොදියුණු කුතුහලයක් නැති සෑම ප්‍රථමික ජීවියෙකුම සියල්ල කරන්නේ සංවාසය සඳහාය. ඩිම්බ, ශුක්‍රාණු, යුක්තානු කළල, දාම ක්‍රියාවේ අතරමැදි වහල් සේවකයින් මෙන් මේ සෑම ජීවියෙකුම තමන්ගේ රාජකාරිය ඉටු කරන්නාහ. කුරා කුහුඹු ජීවින් ලක්ෂ ගණනක්ද, ප්‍රකෝටි ගණනකින්ද අලි ඇත් ජිවින් විසිතිස් ගණනින්ද තම ජීවිත කාලය තුළදී අනාගත උරුමකරුවන් මේ මිහිකතට දායාද කරන්නේය. ඒ සෑම ජීවියෙකුම තමන්ට පැවරූ රාජකාරිය මැනැවින් ඉටුකොට මිහිමතට බරක් නොවී කරදරයක් හිසරදයක් නොවී ස්වභාවධර්මය නැමැති දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ඉත සිතින් අත චුතවන්නාහ. එහෙත් මිනිසා නම් වූ ලෝක පාලක යැයි සිතා සිටින තමන්ම ජගතා යැයි තමන් විසින්ම කියා ගන්නා මනෝපකාරික (උමතු) දඩබ්බරයා මේ සියලු ඉගැන්වීම්වලින් පිට පැන්නාවුද ස්භාවධර්මයේ නීති අතික්‍රමණය කළා වුවද සතෙකි. හේ නම් තොපගේ පරම්පරාවේ ආදිතමයයි. අපි ආදරය ගැන කතා කරන්නට පෙර තොපගේ පරම්පරාව ගැන ඉතිහාසය කියවා බැලිය යුතු වෙමු. ආදරය ගැන උගෙනීමට නම් ආදරය ලෝකයට බිහිකළ, ආදරය ගැන පුරසාරම් දෙඩූ, ආදරය ගැන කවි කතා ලියූ, ආදරය නිසා දිවි පරදුවට තැබූ, ආදරය ජීවිතයම යැයි කියූ දෙවියන් පවා නොදත් ආදරය දෙවියන්ට ඉගැන්වූ තොපගේ මිනිස් පරම්පරාවේ ඉතිහාසය දැනගත යුතුය. එවිට මෙය පැහැදිලිවනු ඇත.

ස්වාමිනි ඔබ වහන්සේ පවසන්නට යන්නේ අපගේ ඉතිහාස කතාවද?

එසේය රානා... කිම ගැටලුවක්ද?

නැත ස්වාමිනි.. පවසනු මැන...

රානා හරිබරි ගැසී හිඳ ගත්තේය.

දෙවියන් වහන්සේ රතු මැටියෙන් මිනිස් රෑපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණීය ආත්මයක් ඇතුළු කළා කියන පුරාවෘත්තයක් බැබ්ලෝනියාව, ඇසිරියාව, ඊජිප්තුව හා යුදෙයාව පැත්තෙන් ඇසේ. තව තව බොහෝ කතා තැන් තැන්වලින් ඇසෙයි. එහෙත් දරුවනි මාගේත් මාගේ ගුරැවරයාණන් වහන්සේගේත් ඉගැන්වීම් වලට අනුව මිනිසා සහ සතුන් අතර ඇති සාමානත්වය දකින අපි කිසිදාක සර්වෝතතමයෙකු විසින් මිනිසා නොමැවූ බව පිළිගත යුතුමය. එය එහෙම්පිටින්ම ස්භාවික සම්භවයක් වන්නේය.

ඔරේනස් වදාළේය.

ස්වාමීනි... එසේ නම් අප උපන්නේ කෙසේද....?

ලබන සතියට..

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00