2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පසුබිම යාපනේ පුහුණුව ඔස්ට්‍රේලියාවේ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

මේරස්නේ කාලගුණයත් එක්ක අලුත් අවන්හලක් හොයාගෙන ඇවිදගෙන ගියපු මට කොළඹ ස්ට්‍රැඩ්ෆෝඩ් පාරේ විවෘත කරපු අලුත් අවන්හලක් දකින්න ලැබුණා. කෝපි කඩේ කියල නම් කරලා තිබුණු මේ අවන්හලට මම ඇතුළු වුණා. 
බොහොම චාම් පිරිසිදු පෙනුමක් හරහා අවන්හලට වෙනස්ම අලංකාරයක් එක්කර තිබුණා. මේස පුටු ස්ථානගත කිරීම ඇතුළුව හැම පොඩි දෙයක් ගැනම අවන්හල් හිමිකරුවා හොඳින් හිතලා මතලා වැඩ කරලා තිබුණු බවක් තමයි පේන්න තිබුණෙ. එහි හිමිකරුවා තමයි නිමේෂ්. යාපනයේ පසුබිමක් සහ ඕස්ට්‍රේලියාවේදී ලැබූ පුහුණුවක් තියෙන නිමේෂ් තමන්ගේ හැකියාවන් අවන්හලෙන් හොඳට ඉදිරිපත් කරලා තියෙනවා. 

මම වැඩ පටන් ගත්තේ සියයට හැත්තෑවක්ම චොක්ලට්වලින් හදලා තිබුණු Iced Dark Chocolate පානයකිනුයි. පුංචි වීදුරුවක දාලා දුන්නා වුණත් ඒකෙ රසය ගැන නම් කතා දෙකක් නැහැ.

අවන්හලට කෝපි කඩේ කියන නම ඔහු යොදාගෙන තියෙන්නේ එකක් ඒක සිංහල දෙමළ භේදයකින් තොරව හැමෝටම තේරුම් යන නමක් නිසායි. අනික් හේතුව තමයි ඔහු කුඩා අවදියේ  ITN එකේ විකාශය වුණු කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව නරඹලා තිබීම. 

මම ඊළඟට රස බැලුවේ  Matcha Tea Latte කියන ග්‍රීන් ටී එක. සාමාන්‍යයෙන් මම ග්‍රීන් ටී වලට එච්චර ආසා නැහැ. හැබැයි මේක හරියට කිට් කැට් ග්‍රීන් ටී එකක් වගේ හොඳ රසයක් තියෙනවා. 

බීම වර්ගවලට අමතරව Paneer Slider, Prawn Curry Slider වගේ කෙටි ආහාර වර්ග රැසකුත් ඔවුන් සතුයි. අතුරුපස අතරින් කිතුල් සහ මෝල්ට් අයිස්ක්‍රීම් එකතුව මඟහැරිය නොහැකි තරම් රසවත්.  

- ධනූ
ඡායාරූප - You’re My Favorite